මම ඉස්සෙල්ල ලිපියක සඳහන් කළා වගේ ලංකාවෙ ඉඳන් KL එන කට්ටියට වැඩිපුර දවස් ටිකක් ඉන්න පුළුවන් නම් මලක්කාව පැත්තෙත් ආවොත් තවත් ගොඩක් දේවල් බලන්න පුළුවන්.

ළඟින්ම තියෙන්නෙ High-Speed Slide එක.
එහෙම මලක්කා එනවනම් අනිවාර්යයෙන්ම යන්න ඕනෙ තැනක් තමයි A’ Famosa Water World කියන්නෙ. මම එහෙම කියන්නෙ මොකද කියල ඒකට ගියහම කට්ටියට තේරෙයි. A’ Famosa Water World කියන්නෙ A’ Famosa Resort කියන හෝටලයෙම කොටසක් හරියට GENTING Theme Park එක වගේ. මේක සම්පූර්ණයෙන්ම වෙන්වෙලා තියෙන්නෙ ජල ක්‍රීඩා වළට. අපිනම් මේකට ගිහින් නියම ආතල් එකක් ගත්ත.
සමහර ක්‍රීඩා තියෙනව මුල්ම සැරේට යනකොට ඇත්තටම මේකෙ යනවද නැද්ද කියල දෙපාරක් නෙමෙයි විසි තිස් පාරක් හිතන්න වෙන. ඒව එච්චරටම ලොමු දැහැ ගැන්වෙන ක්‍රීඩා. ඒත් පස්සෙ පස්සෙ තව තවත් යන්න ඕනෙ. අපිත් එක්ක ගිය කට්ටියෙන් සමහරු ඔය කියන ක්‍රීඩා වලට ගියෙ නැහැ බයේ. එතන තියෙන High-Speed Slide දෙක තමයි ඔයිනුත් නියම fun එක. තට්ටු 7ක උසක ඉඳන් පහලට ලිස්සල එනකොට කොහොමද? මරු නේද? ඔය slides යන්න කියල උඩට නැඟල, ඒත් උඩට ගියාට පස්සෙ ඕකේ යන්න බැරුව බයේ ගැහි ගැහී කීදෙනෙක් ආපහු එනවද කියල දන්නවද?
එකක් කියන්න ඕනෙ මේකෙ තියෙන ක්‍රීඩා කොච්චර ත්‍රාසජනක වුනත් දීල තියෙන උපදෙස් පිළිපදිනවනම් ආරක්ෂාව ගැන බයවෙන්න ඕනෙ නැහැ. මෙහෙ යන්න පුළුවන් ලේසිම සහ පහසුම ක්‍රමේ තමයි මලක්කාවෙන් ටැක්සියක් ගන්න එක. බස් එකේ යන එක ගොඩක් කට්ටක් කන්න වෙන වැඩක්.
කට්ටිය A’ Famosa Water World ගිහින් “බය යනු කුමක්ද?” කියල තේරුම් ගන්න.
Good Luck








No comments yet
Comments feed for this article