ඉසිඹුවක් ලැබ…
11 සැප් 2010 එක් ප්‍රතිචාරයක්

Think Outside the Box
අද නම් මහ පුදුම දවසක්… ලියන්න අදහස් ගලාගෙන එනව…හවස ලියපු “දෙගුණේ මිනිසා” කියන ලිපියට අදහස ආවේ පහුගිය දවස් කීපය තුළ එක දිගටම මම ගොඩක් ආදරය සහ ගෞරව කරන “බුලත්සිංහල” ගුරු පියාණන්ගෙ නිවස අසලින් බොහොම කාලයකට පස්සෙ යන්න සිද්ධවුන නිසා. ඔහුගේ නිවස පහු කරන වාරයක් වාරයක් පාසා “දැන් සර් නැහැ” කියන හැඟීම එනකොට දැනෙන්නෙ විස්තර කරන්න අමාරු හැඟීමක්.
දැන් ලියන ලිපියට අදහස් ලැබුනෙ මෙන්න මේ බ්ලොග් ලිපියෙන්. සමහර මිනිස්සු තමුන්ගෙ මුළු ජීවිතයම කරන්නෙ තරඟයක දුවන එක. ඔයින් කීයෙන් කීදෙනාටද පොඩ්ඩක් නැවතිලා තමුන්ගෙ ජීවිතය දිහා ආපහු බලන්න ලැබෙන්නෙ? තමුන් ඇත්තටම ගෙවන්නෙ තමුන් බලාපොරොත්තුවන ජීවිතයද?
මම අත්දැකල තියෙන විදිහටනම් අපි බොහොමක් දේවල් කරන්නෙ අපිට සමීප, අපි අපේ කියල අර්ථනිරූපනය කරන කට්ටියගෙ හිත් සතුටු කරන්න. අපි අපේ ජීවත තුලදි හෘද සාක්ෂියට කොයිතරම් අවස්ථාවක් ලබාදෙනවද? ගොඩක් වෙලාවට ගොඩක් අය මුල් තැන දෙන්න හෘද සාක්ෂියට වඩා තමුන්ට අත් වෙන ලාභ ප්‍රයෝජන වලට…
ඒත් කොයි ජගතට වුනත් අන්තිමට තමුන්ගෙ මරණ මංචකයේදි තමුන්ගෙ හෘද සාක්ෂියට පිළිතුරු දෙන්න වෙනව. ඒතකොට තමුන්ගෙ ජීවිතය ගැන ඇත්තටම අපිට සතුටු වෙන්න පුළුවන් වෙයිද?
බොහොමයක් අයට බැරි උනත් තමුන් ජීවත් වෙච්ච ජීවිතය තමුන්ටත් අනෙක් අයටත් අර්ථවත්ව ගෙවපු මිනිස්සුත් ඉන්නව. ඒන්න ඒ අය තමයි “නොමළ, නොමියෙන, සදාකාලික” අය; ශරීරය මියගියත් අනෙක් අයගේ සිත්වල ඔවුන් පිළිබඳ මතකයන්, ඔවුන් කළ කී දෑ ජීවත් වෙනව. ලොව ප්‍රකට ඇමරිකන් ජාතික කවියෙක් වූ “රොබට් ෆ්‍රොස්ට්”, “Stopping by the woods in a snowy evening” කියන කවි පන්තියෙන් කියන්නෙත් මේකම නේද? අපිටත් අපේ ජීවිතය අපිට අවශ්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන් නම්?
ඔය ඇති…
(ජීවිත යුද්ධය අතරදී ඉසිඹුවක් ලැබ පහල වූ අදහස් කීපයක්; මුල මැද අග ගැලපීමක් නැතිවීමටද හැක.)







සැප් 12, 2010 @ 02:29:29
ඇත්ත… මම අහල තියනවා දුටුගැමුණු රජ්ජුරුවන්ටත් මැරෙන්න යනකොට තමන් යුද්දෙදි මරපු මිනිස්සු ගැන මතක් වෙලා පශ්චාත්තාප උනාලු. එතකොට හාමුදුරු නමකට ඒක දිවැසින් පෙනිලා පින් පොත කියවලයි රජ්ජුරුවන්ව ගොඩ දාල තියෙන්නේ (not sure fact or fiction). ඉතින් අපි කාටත් ඔච්චර තමයි. අසාරේ සාර මතිනෝ, සාරේ වසර දස්සිනෝ…