මැල්ලුං
15 සැප් 2010 එක් ප්‍රතිචාරයක්

ආයු වන්න; ලෙඩ නොවන්න; කතොත් මෙන්න; මුකුණුවැන්න!
මැල්ලුං නම් නානාප්‍රකාරයිනෙ. ප්‍රසිද්ධම මැල්ලුං ජාති විදිහට කතුරුමුරුංගා, ගොටුකොළ, මුකුණුවැන්න, කංකුං, තෝර කොළ, තෙබු වගේ ඒව තමයි මතක් වෙන්නෙ. කොළ ටික පොඩියට කැපුව, ගා ගත්ත පොල්, ලුණු, කපාගත්ත ළුණුත් එක්ක කලවං කරගත්තහම මැල්ලුම කතහැකි. අපේ රටේ සමහර මිනිස්සු කරන වැඩ දිහා දැක්කම හිතෙනව හැමදාම තණකොළ මැල්ලුං කනවදත් කියල!
හික්ස්
මැල්ලුං ගැන කියනකොට මටනම් එක පාරටම මතක් වෙන්නෙ කැම්පස් යන කාලෙ රුපියල් 17ට (මතකය නිවැරදියැයි සිතමි) දවල්ට ගොඩෙන් කාපු බත් එකේ අනිවාර්යයෙන්ම තිබුන මුකුණුවැන්න මැල්ලුම කියල දීපු කලවං මැල්ලුම. හැබැයි ඉතින් අතේ මිටේ සල්ලි බාගෙ තිබුණ අය වැඩිපුර කාසි පනං දීල “කැකුළු බත් කඩේ” අක්ක කැකුළු බත් එකත් එක්ක දුන්න සුපිරිසිදු ප්‍රණීත මැල්ලුම කෑවෙ නැත්තෙමත් නැහැ. ගමෙන් ගොඩෙන් උසස් පෙළ පාස් වෙලා පූරුවෙ පිනකට කැම්පස් ගිය අපි එළියෙ තිබුන චයිනීස් වලින් කෑවෙ නැත්තෙ සල්ලි බාගෙ නැති හින්ද නෙමෙයි; චයිනීස් කඩ වල බත් එකත් එක්ක මැල්ලුං දීපු නැති නිසා.
හික්ස්
රත් කරල හදන “කොළ මාළුවලදි” වගේ නෙමෙයි මැල්ලුං වලදි කොළ වල තියෙන පෝෂ්‍ය පදාර්ථ විනාශ වෙන්නෙ නැති නිසා ඉතාමත් හොඳයි කියල තමයි දොස්තර අංකල් කියන්නෙ. හැබැයි රත් කරල හදන “කොළ මාළු” වලදි ඉහත කියපු කලමනා වලට අමතරව තව තව ඒව දාන නිසා රස මරු! ගොටුකොළ වලට සුදු ළුණු, උම්බලකඩ දාල මාළුව හැදුවහම මරේ මරු! චීන කෑම වට්ටෝරුවලදි කංකුං හදන්නෙ එක්කො කූණිස්සෝ දාල; නැත්නම් හාල්මැස්සො දාල. අන්න කෑම. කංකුං විතරක් නෙමෙයි සාරණත් ඔහොම කූණිස්සො හරි හාල්මැස්සො හරි දාල හදන්න පුළුවන්.
මැල්ලුං වලින් මමනම් කන්න කැමතිම මුකුණුවැන්න මැල්ලුම තමයි; කන්න අකමැතිම මින්චිද මොනවද කියන ජාතිය. අපේ අම්ම මම පොඩි කාලෙදි මැල්ලුං promote කලේ මෙන්න මේ කවිය කියල.
“ආයු වන්න
ලෙඩ නොවන්න
කතොත් මෙන්න
මුකුණුවැන්න…….”







සැප් 16, 2010 @ 04:18:14
මමත් කැමතිම කෑමක් තමයි මුකුණුවැන්න. ඒත් මේ රට රටවල කොහෙද මුකුණුවැන්න.
අපි පාස්ලි ගෙනත් මුකුණුවැන්න මැල්ලුම් වගේ හදනවා.