පෙත්සම

පහුගිය දොහේ බ්ලොග් එකේ කොටන්න බැරි වුනා. චාරිකා සටහන් පොත් කීපයක් කියවල ආපු අදහසකට අනුව මමයි මකරයි සෙට් වෙලා සෙලමට් ඩටාන් (Ayubowan) කියල Travel Blog වර්ගයෙ බ්ලොග් එකක් පටන්ගත්ත අපි සිංගප්පූරුවෙදි අත්විඳපු අත්දැකීම් සටහන් කරන්න. ඔය Selamat Datang කියන්නෙ මැලේ භාෂාවෙන් ආයුබෝවන් කියන එකට. මේ බ්ලොග් එකට pick up එකක් දෙන්න ඕනෙ නිසා “දියකැට පහණ” කොටන එකට පොඩි තිත් කොමාවක් දාල හිටියෙ. දැනට සිංගප්පූරුවෙ ඉන්න මගෙ තවත් යාළුවො දෙන්නෙකුටත් මම ආරාධනා කළා අපේ මේ සෙලමට් ඩටාන් (Ayubowan) වලට සහභාගී වෙන්න කියල. යහපත් ප්‍රතිචාර ලැබිල තියෙන්නෙ. ඒ දෙන්න මේ බ්ලොග් කෙරුවාවට ආධුනික නිසා තමයි පොඩ්ඩක් පස්ස ගහන්නෙ. බලමුකො ඉතින්.

ඔන්න එහෙනම් මාතෘකාවට බහිමුකො.

පෙත්සම

“ගමේ වැව වාංදැමීම ඉතාම සිරියාවන්තයි.” කියල පටන්ගන්න මේ පොත මම කියවපු මුල්ම දවසෙ ඉඳන් ගොඩක්ම ඇලුම් කරපු පොතක්. පොත්වලට ආදරය කරන කට්ටියනම් මේ වාක්‍යය කියපු ගමන් දන්නව මොකක්ද මේ පොත කියල. ඔව්. ඒ ලීල් ගුණසේකර ශූරීන්ගෙ “පෙත්සම” කියන පොත.

ලංකා සිවිල් සේවය බැබළවූ කීර්තිමත් දිසාපතිවරයෙක් වෙච්ච ලීල් ගුණසේකර ශූරීන්ගෙ මේ “පෙත්සම”ට 1962දි රාජ්‍ය සාහිත්‍ය සම්මානයත් ලැබුණ. මේ පොතට ඇළුම් කරන ප්‍රධානම හේතුව තමයි ලියල තියෙන සරල භාෂාව. ඒක නිසා මේ පොත එක හුස්මට කියවගෙන යන්න පුළුවන්. ඒ වගේම ඒ සරල භාෂාව නිසා “ගැමිකම” කියන දේ ඉතාමත් හොඳින් ඉස්මතු වෙනව. කථානායකය වෙච්ච තිලකරත්නගෙ පොඩි කාලෙන් පටන් අරගෙන තරුණ කාලය වෙනකං දිවයන මේ කතාවෙන් ඒකාලයේදී රජරට ගැමියා මුහුණ දීපු දුක් දොම්නස් කම්කටොලු ඉතාමත් හොඳට විස්තර වෙනව.

මට මේ පොත ලැබුණෙ නාලන්දාවෙ 9 වසර අවසන් කරපු දවසෙදි හෑගොඩආරච්චි ගුරු පියාණන්ගෙන් තෑග්ගක් විදිහට. පස්සෙ කාලෙකදි මේ කතාවෙ දෙවෙන කොටස කියවෙන “අත්සන” පොතත් කියවන්න හම්බවුනා. ඒ මගෙ අම්මගෙයි තාත්තගෙයි පොත් එකතුවෙ තිබිල.

හෑගොඩආරච්චි ගුරු පියාණන්ට තුති!

මේ තියෙන්නෙ ලීල් ගුණසේකර ශූරීන් ගැන සිළුමිණ පත්‍රයේ පළවුන ලිපියක්.
මේ තියෙන්නෙ “පෙත්සම” ගැන මහාචාර්යය තිස්ස කාරියවසම් ශූරීන්ගෙ විචාරයක්.

කට්ටිය කියවල බලන්නකො ඉතින්!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.