මැලේසියාවට යමු! වතුර වෙනුවට තෙල් බොමු! ඔන්න තෙලේ බලේ


sfසිංගප්පූරුවට අල්ලපු සහ ලඟම රට තමයි මැලේසියාව. සිංගප්පූරුව නිදහස ගත්තෙත් මැලේසියාවෙන්. සිංගප්පූරුවෙ ඉඳන් මැලේසියාවට බස් එකේ, බයිසිකලේ නැත්නම් තමුන්ගෙ වාහනයක උනත් යන්න පුලුවන්.දැන් කියන්න යන්නෙත් මැලේසියාව ගැනම තමයි; මැලේසියාවෙ තෙල් ගැන.

ලංකාවෙදි ඔක්ටේන් 95 කියන හොඳම පෙට්‍රල් ලීටරයක් රු142ක් විතර වෙනව. සිංගප්පූරුවෙ නම් S$ 1.6 ක් (ලංකා රු130ක්) විතර වෙනව. මැලේසියාවෙ රිංගිට් 1.5ක් (ලංකා රු60ක්) විතර තමයි ගාණ. (බොන වතුර ලීටරයේ බොතලයක් එහෙ රිංගිට් 2ක් විතර වෙනව!)

මැලේසියාවෙ තෙල්වල ගාණ මෙච්චර අඩු වෙලා තියෙන්නෙ තමුන්ගෙම තෙල් පාවිච්චි කරන නිසා. මේ රට ඛණිජ තෙලුයි ස්වාභවික වායුයිවලින් හුඟක් පොහොසත් රටක්. රටේ ජාතික තෙල් අධිකාරිය වෙන “පෙට්‍රෝනාස්” තමයි දැනට ආසියාවෙ තියෙන වැඩියෙන්ම ලාභ ලබන ආයතනය. ඔය “පෙට්‍රෝනාස්”ම තමයි 1998ටේ ඉඳන් 2004 වෙනකම් ලෝකෙ උසම ගොඩනැඟිල්ල වෙලා තිබුන “පෙට්‍රෝනාස් නිවුන් ගොඩනැගිලි”වල අයිතිකාරයත්! ඒකෙන්ම හිතාගන්න පුලුවන් නේද තෙලේ බලේ. රටේ ස්වාභාවික සම්පතක් නියම විදිහට කළමණාකරණය කරල ඒක ආසියාවෙම හොඳම ව්‍යාපාරය කරගෙන.eww

දැන් යුද්දෙත් ඉවරවෙලා තියෙන එකේ අපේ වාසනාවට තෙල් හම්බ වුනොත් අපේ කට්ටිය උදාහරණයට ගන්න ඔනෙ “පෙට්‍රෝනාස්” කියල තමයි මමනම් හිතන්නෙ. තෙල් කෙසේ වෙතත් හරියට කළමණාකරණය කරනවනම් ලංකාවෙ කොච්චරනම් කියල ස්වාභාවික සම්පත් තියෙනවද?

පසු වදන: අල්ලපු රටේ කොච්චර ගණන් අඩු වුනත් සිංගප්පූරුවෙ වාහනවලට මැලේසියාවට ගිහින් තෙල් ගහගෙන එන්න බැහැ. සිංගප්පූරු දේශසීමාවෙන් වාහනයක් එලියට යනකොට අඩුම තරමෙන් තෙල් ටැංකියෙන් 3/4ක් වත් පිරිල තියෙන්න ඔනෙ. එහෙම නැතිවුනොත් S$500ක දඩයක් ගහල වාහනේ ආපහු හරවලත් යවනව. ඔන්න ඔහොමයි මෙහෙ වැඩ! සිංගප්පූරුව කියන්නෙ බදු උල්පතක්! බද්දක් ගහන්නෙ නැති දෙයක් නැහැ! අල්ලපු රටට වඩා 230%ක් විතර හැම දෙයකම ගාණ වැඩියි.

Advertisements

ප්‍රතිචාර 5 (+add yours?)

  1. Ajith P. Perera
    ජූලි 31, 2009 @ 17:55:58

    සිංගප්පුරුව මැලේසියාවෙන් නිදහස ලැබුවාය කීම නිවැරදි නෑ. සිංගප්පුරුව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුවායින් පසුව මැලේසියාව සමඟ ‘මලයා’ නැමති තනි රාජ්‍යයක කොටස්කරුවකුව සිට පසුව මැලේසියාවේ විරෝධය නිසා ඉන් ඉවත් කරනු ලැබුවා.

    කෙසේ වෙතත් අධ්‍යාපනික වටිනාකමින් යුතු හොඳ ලිපියක්. දිගටම ලියන්න.

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • මධුරංග
      ජූලි 31, 2009 @ 19:58:07

      වෙනත් අකාරයකට තේරුම් අරගෙන සිටි දෙයක් නිවැරදිකර දීම ගැන තුති. නමුත් මම දැනගෙන සිටියේ බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුන පසු “මලයාව”, “සිංගප්පූරුව”, “සබා” සහ “සරවක්” යන අයවලුන් එකතුවීමෙන් 1963දී මැලේසියාව යන තනි රාජ්‍යය බිහි කරගත් නමුත් 1965දී සිංගප්පූරුව එම සභාගයෙන් ඉවත්වූ බවයි.

      ප්‍රති-පිළිතුරු සැපයීම

  2. අකිල
    ජූලි 31, 2009 @ 18:14:49

    එහෙම නම් අපි ලංකාවත් මැලේසියාවක් කරමු ( සිංගප්පූරුවක් නොකර ). ඒකත් කරන්න බැරි වෙයි ආරංචි විධියට නම් ඔය තෙල් කැනීම් කරන කලාප වලින් හොඳම කලාප 2 (අංක එක සහ දෙක ) දැනටම ඉන්දියාවට බදු දීලා ඉවරයි අපිට ඉතාම අවාසි සහගත ගිවිසුමකින්.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. Chanaka Aruna Munasinghe
    ජූලි 31, 2009 @ 20:42:36

    ලංකාවෙත් ඩීසල් වලට වඩා වතුර ලීටරේක ගාන වැඩි කාලයක් තිබ්බා.
    අවුරුදු 2කට විතර කලින් ඩීසල් තිබ්බෙ රුපියල් 37. වතුර ලීටරයක් රුපියල් 50ක් විතර ඒ දවස් වල.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: