කිරිගල්පොත්ත


කිරිගල්පොත්ත කන්ද ඈතට පේන හැටි

කිරිගල්පොත්ත කන්ද ඈතට පේන හැටි

අපේ කට්ටිය හොර්ටන්තැන්නට නම් ගිහින් ඇතිනෙ. ඔය ලෝකාන්තය, බේකර් ඇල්ල තියෙන්නෙ හොර්ටන්තැන්නෙනෙ ඉතින්. ඒත් ඔතනට ගිය කීයෙන් කීදෙනාද ඉතින් කිරිගල්පොත්ත කන්ද නැගල තියෙන්නෙ? කිරිගල්පොත්ත  කියන්නෙ මීටර 2392ක් උස ලංකාවෙ තියෙන දෙවෙනි උසම කන්ද. ඒත් අපිට යන්න පුලුවන් උසම තැන මොකද ආරක්ෂක හේතු නිසා පිදුරුතලාගල කන්ද දැන් නගින්න බැහැ.

අඩි පාර දිගේ

පාර දිගේ

අපි කිරිගල්පොත්ත නැග්ගෙ ටිකක් අහඹු විදිහට. මුලින්ම අපි හිතගෙන හිටියෙ සාමාන්‍ය විදිහට ලෝකාන්තය බලන්න යන්න. ඒත් අපි එදා ගිය පට්ටිපොල ඇතුලුවීමේ දොරටුවෙ දිග පෝළිමක් තිබුන ගමන් මලු පරීක්ෂා කරන්න. ඒක නිසා අපි පොලිමක් තියා කවුරුවත් යන්නවත් හිතල තිබුනෙ නැති කිරිගල්පොත්ත කන්ද නගින්න පටන්ගත්ත. මට මතක විදිහට පට්ටිපොල ඇතුලුවීමේ දොරටුවෙ ඉඳන් කිලෝ මීටර 11ක් තියෙනව පයින් යන්න කන්දෙ මුදුනට.

ගමන කොච්චර වෙහෙසකර වුනත් ආපහු බලනකොටනම් මාරම වටින ගමනක්. උදේ 10ට විතර පට්ටිපොල අතුලුවීමේ දොරටුවෙන් ඇතුලු වුනහම මට මතක විදිහට ආපහු අවෙ හවස 5ට විතර. පොඩි පොඩි රෙස්ට් අරගෙන නවත්තන්නෙ නැතුව ඇවිදින්න තමයි තියෙන්න. වටාපිටාවනම් මැක්ස!

ඊලඟ පාර හොර්ටන්තැන්නට ගියහම ඔයගොල්ලොත් මෙහෙ යන්න බලන්න.

Advertisements

ප්‍රතිචාර 2 (+add yours?)

  1. wayabawiththi
    අගෝ. 10, 2009 @ 19:47:46

    යන වෙලාවක අපටත් කියන්න අපිත් එන්නම්

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. කුමාර
    අගෝ. 11, 2009 @ 00:07:33

    ඇත්තටම වටින ගමනක් තමයි. මමත් එක පාරක් ගිහින් තියෙනවා. දැනට අවුරුදු 10කටත් ඉස්සර. එත් මේ වගේ පැහැදිලි දවසක නෙවෙයි. අපිට ලගින්ම ඉන්නකෙනා විතරයි පෙනුනෙ.ඊළග එක්කෙනා පේන්නෙ නැති තරම් තදට මීදුම. අන්තිම හරියෙ තමයි තරමක් පැහැදිලිව පෙනුනෙ.

    තව ෆොටෝ ටිකක් දැම්මනම් තවත් හොදයි.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: