රට ගිහින් ඒම


ලංකාවෙ ඉන්න අයට කවුරු හරි අඳුරන කෙනෙක් රට ඉඳන් එනව කිව්වොත් ඉතින් ඉහ වහා යන සංතෝෂයක්නෙ තියෙන්නෙ; මොකද ඉතින් රට ඉඳන් එන එකාට කියල මොන මොනව මොනව හරි ගෙන්න ගන්න පුලුවන්නෙ. බොහෝ වෙලාවට කැමරාවක්, නැත්නම් ඔය මොකක් හරි ඉලෙක්ට්‍රොනික් බඩුවක්, එහෙමත් නැත්නම් රෙදි!

ටොපි, චොකලට්, පැණි රහ ජාතිනම් අනිවාර්යයෙන්ම ගේන්න ඔනෙ; නැත්නම් ඒකා අමු ද්‍රෝහියෙක් වෙනව.

ඒත් ඉතින් රට ඉඳල එන එකා තමයි ඕකට කන්න ඔනෙ කට්ට දන්නෙ. මුලින්ම ඔය කියන බඩු රොත්ත ගන්න අතේ සල්ලි තියෙන්නෙ ඔනෙ. ඒක වගේද ඔය බඩු හොයන්න එහෙ මෙහෙ ගිහින් කන්න ඔනෙ කට්ට? මොකක් හරි model number එකක් දුන්නොත් එකම හොයාගන්න ඔනෙ. ඕකට ඉතින් කීප සැරයක් ලංකාවට කතාකරන්නත් වෙනව. එකී මෙකී නොකී හැම දෙනාටම ගන්න ඕනෙ බඩු අරගෙන සල්ලි ඉතුරුවුනොත් තමයි ඉතින් තමන්ට කියල බඩුවක් ගන්න වෙන්නෙ.

ඔන්න ඉතින් හත්මුතු පරම්පරාවටම ඔනෙ බඩු ටික ඔක්කොම් ගත්ත කියමුකො, ඊට පස්සෙ තමයි රජ ගේම තියෙන්නෙ. බඩු ටික පැක් කරන එක. Airline එකේ luggage වලට limit කරල තියෙන බරට වඩා අඩුවෙන් කොහොම හරි ඔය ටික හදාගන්න ඔනෙ. ඒත් එක්කම ඔය ගත්ත ලට්ට ලොට්ට වල උස, මහත, පළල බලල කොහොම හරි luggage එක ඇතුලට ඔබාගන්නත් ඔනෙ. ඔය අතරෙ තමුන්ගෙ duty free limit එක ගැනත් මීටරෙ දාගෙන ඉන්න ඔනෙ. ගෙනියන බඩුවල ගාණ ඊට වඩා වැඩි වුනොත් ඉතින් අතින් කයිට් තමයි.

ඔය සේරම කටුකාල තමයි තමුන් එනකම් සැදී පැහැදී මග බලාගෙන ඉන්න හතර වරිගයා වෙනුවෙන් ඉහෙන් කටින් පුරෝගෙන බඩු අරන් යන්න වෙන්නෙ.

ඒත් ඉතින් අපි ලංකාවෙ මිනිස්සුනෙ. වැඩේ කරනකොට කොච්චර කට්ට වුනත් අරගෙන යන බඩු, ටොපි, චොකලට් බෙදල දුන්නට පස්සෙ කට්ටිය සතුටුවෙන හැටි දැක්කහම ඉතින් කාපු කට්ට ඔක්කොම අමතකයි.

මම හිතන්නෙ ඒක තමයි “අපේ කම” නැත්නම් “ලාංකීයබව” කියන්නෙ.

Advertisements

ප්‍රතිචාර 7 (+add yours?)

  1. Prabath
    අගෝ. 10, 2009 @ 12:55:41

    sattakinma atta…!

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. chamaramj
    අගෝ. 10, 2009 @ 14:08:04

    eka nam ehema thamai machan. apahu enna hadana kota geniyana badu list eka dakkama ape badu goda dala thamai genna wenne kiyala hithenawa, eth mak karannada

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. udara
    අගෝ. 10, 2009 @ 17:28:43

    හප්පේ මේ කථාව නම් සම්පූර්ණ ඇත්ත… මටත් මේ වගේ අත්දැකීම් තියෙන නිසා හොඳට දැනෙනවා.. මං මුලින්ම රට යනකොට අපේ ලොකු අක්කා බඩු ලිස්ට් එකක් ලියලා දුන්නා… 🙂 දැන් ඒක මතක් වෙනකොට හිනා… දැන්නම් එහෙම ලිස්ට් දෙන්නේ නෑ.. මොකද මම වැඩිපුර දේවල් ගේන්නේ අනික් අයට.. මට ටිකක් අරගෙන.. හැබැයි මේ පාර මටත් බඩු ටිකක් විතර ගත්තා බැංකොක් ගිය නිසා… තෑගි බෝග ගෙනල්ලා කට්ටියට බෙදද්දී තමයි හොඳම හරිය මචන් කිව්වා වගේ… පුදුම සතුටක් දැනෙන්නේ.. තව ගෙනාව නම් කියලා හිතෙනවා.. මං මේ පාර ලංකාවෙනුත් අරං දුන්නා රටින් ගෙනාවේ කියලා.. ඒ කට්ටිය තරහා වෙන නිසා… නැතුව රවට්ටන්න නෙමෙයි හරිද ??

    ප්‍රති-පිළිතුරු සැපයීම


  4. අගෝ. 10, 2009 @ 23:27:55

    මටනම් ඉතින් අයියා එනකොට විතරයි එහෙම චාන්ස් එකක් හම්බ වෙන්නේ හැබැයි මිනිහට මගෙන් වැඩි කරදරයක් නැහැ මන් ඉල්ලන සේරම ජාති Alpha Orient Lanka මේතන තියෙනවා

    ප්‍රති-පිළිතුරු සැපයීම

  5. Sachira
    අගෝ. 15, 2010 @ 22:39:56

    Anichche dukke… mama nam thaama lankawata gihin nethi nisa owa gena dan nehe 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම

  6. Tharaka Devinda
    අගෝ. 16, 2010 @ 17:26:16

    Ado….mata chocolate nadda? LoL….
    Just Joking!
    Custom ekata maattu nowi enda labeewaaaaaaaa kiyala pathanawa!

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: