කුඹුරු වැඩ


දැන් නම් ලංකාවෙ ගොයං කපන කාලෙත් ඉවර වේගෙන එනව ඇති. ලංකාවෙ ඉන්න කොට යන්න set වෙන ගොයං කැපිලි 2 ක් තිබුණ. එකක් තමයි අපේම ගොයං කැපිල්ල, අනෙක මගෙ යාළුවෙක්ගෙ ගොයං කැපිල්ලක්.

7989536

යාළුවගෙ ගොයං කැපිල්ලට යන්න වෙන ප්‍රධානම හේතුවක් තමයි මම ඉස්සෙල්ල කිව්ව වගේ වාසනා චොකලට් කේක් කන්න හම්බ වෙන එක. අපේ ගොයං කැපිල්ලට යන්න ප්‍රධානම හේතුව තමයි ගෙදරින් බර බරේ දාන එක. හැබැයි තව හේතුවකුත් තියෙනව; ඒක තමයි “ජම්බෝල” කන්න හම්බවෙන එක. අපේ කුඹුර ලඟ තියෙන වත්තක හෙන විශාල ජම්බෝල ගහක් තියෙනව. ඇස්වහක් කටවක් නැහැ කොයි වෙලේ බැළුවත් ඔය ගහේ ජම්බෝල පිරිල.

අපි ඉතින් කුඹුරු වැඩ වලට ගියහම සැලකිය යුතු වෙලාවක් ගත කරන්නෙ ජම්බෝල කඩන්න තමයි. එක්කො පොලු වලින් ගහනව; නැත්නම් වැටිල තියෙන පරණ ගෙඩි වලින් ගහනව. කොහොම හරි ආපහු අපි එන්නෙ ඉහෙන් කණෙන් ජම්බෝල එල්ලගෙන.

කුඹුරු වැඩ වලින් එපාම කරපු වැඩේ තමයි වපුරන්න set වෙන එක. දවසම වගේ මඩේ බැහැල තමයි ඉන්න වෙන්නෙ. අපි කුඹුරු වලට බහින්නෙ ඉඳල හිටල නිසා වැපුරුව දවසට පහුවෙනිදට කකුල් වලට sorry තමයි!

ඊට පස්සෙ එපාමු කරපු වැඩේ තමයි කැපුවට පස්සෙ ගොයං ඇදිල්ල. යටි පැදුරු වලට කපපු ගොයං එකතු කරගෙන ගොයං කොළේ ගහන තැනට යන්න ඔනෙනෙ. ගොයං කොලේ ළඟ තැනක ගහනව නම් එච්චර අවුලක් නැහැ. හැබැයි ඕක ටිකක් දුරකනම් තියෙන්නෙ නියම rag එක. කපනකොට හරි කපල දාල තියෙන කොට හොඳ වැස්සක් වැස්සොත් ඉතින් ඔය ගොයං අදින එක මරු ආතල්! ඒක එතකොට දෙවෙනි වෙන්නෙ බර ඉසිලීමේ ක්‍රීඩාවට තමයි; වෙනසකට තියෙන්නෙ බර උස්සනවට අමතරව ඕක උස්සගෙන ඇවිදින්නත් ඕනෙ එක. ඊටත් වඩා නියම ආතල් එක තමයි ඉහෙන් කණෙන් වතුර බේරෙන එක.

“බොසේ” කිව්වහම අපේ පැත්තෙ කවුරුත් දන්න “කොළ මඬින යන්ත්‍රය” තියෙන නිසා ගොයං පාගන එක දැන් එච්චර ගේමක් නෙමෙයි. ( පොඩි කාලෙ එක වතවක් අපේ නැන්දලගෙ ගෙදර මී හරක් දාල ගොයං පාගනව මට ලාවට වගේ මතකයි.)

කුඹුරු වැඩ වලින් ලේසිම වැඩේ තමයි ගොයං කපන එක. හැබැයි ලේසියි කිව්වට ලේසිමත් නැහැ; ඒකෙ කලාව ඉගෙන ගන්න ඕනෙ; ඊට පස්සෙ හරි. හරියට දෑකැත්ත අල්ලන හැටි, බැත කපන හැටි ඉගෙන ගත්තෙ නැත්නම් ඉතින් අතේ ඇඟිලි වලට sorry තමයි. මගෙ නම් කීප වතාවක්ම දෑකැත්තට ඇඟිලි කැපිල තියෙනව.

මම ආසම කරන වැඩේ තමයි පාගල ඉවර කරපු ගොයං අත් ට්‍රැක්ටරෙ පටවගෙන ඕක උඩ නැඟගෙන ආපහු ගෙදර යන එක. ඔහොම යන්නෙ නිකං නෙමෙයි; කඩපු ජම්බෝල ගෙඩියක් කකා තමයි. මඟදි හම්බ වෙන ගමේ යාළුවන්ටත් බෙදන්න තරම් ඇති වෙනකම් ජම්බෝල stock එකක් තියෙන නිසා හතර වටේටම බෙදනව.

ඔන්න ඊට පස්සෙ දවසක තාත්ත කතා කරන්නෙ වී හුළං කරන්න. ඕක නම් මඟ අරින්න තමයි හැමදාම try කරන්නෙ. මොකද කාටුව නාන්න වෙන හින්ද. වී කාටුවට මුළු ඇඟම කහන්න ගන්නව; සමහර වෙලාවට පළුත් දානව.

මම ජීවිතේට කාල තියෙන හොඳම කෑම වේල කෑවෙත් අඳුරන අයිය කෙනෙකුගෙ ගොයං කයියකදි. එදා දවල්ට කන්න වුනේ ගොයං කපල, ඇදල, කොළෙත් ගැහුවට පස්සෙ. යකෙක් වුනත් කන්න පුලුවන් එදා තිබුන බඩගින්නට. කන්න තිබුනෙ මට මතක විදිහට, රතු කැකුළු බතුයි, මඤ්ඤොක්කයි, කට්ට කරෝල හොද්දකුයි, මෑකරල් ව්‍යාංජනයකුයි. රතු ළුණුයි බැදපු මිරිස් කරළුත් තිබුණද කොහෙද! අන්න කෑම; මතක් වෙනකොටත් කටට කෙළ උණනව!

දැන්නම් කුඹුරු වැඩ මතක් වෙනකොටත් මාර ආසාවක් තියෙන්නෙ. මේ සිංගප්පූරුවෙ මොන කුඹුරු වැඩද?

Advertisements

ප්‍රතිචාර 5 (+add yours?)

  1. චතුර නිර්මාල්
    අගෝ. 22, 2009 @ 17:11:32

    නියමයි අය්යෙ.. දිගටම ලියන්න..

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. sandun
    අගෝ. 22, 2009 @ 21:00:19

    මරු අයියා……
    මේක කියවල ඔයාගෙ පරන ලිපිත් කියෙව්ව
    මරු ආ…..
    අපිත් ආසයි නෙ රටේ ලෝකෙ දේවල් සින්හලෙන්ම දැනගන්න

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. naya
    අගෝ. 22, 2009 @ 21:46:10

    වැඩට බැහලා නතිඋනත් මමත් ගොයම් කපනව එහෙම බලන්න ගිහින් තියනවා..ගමේ අය එකට එකතුවෙලා වැඩේ කරද්දි හරිම විනෝදයි..

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. LazyOwl
    අගෝ. 22, 2009 @ 22:06:12

    හොඳ ලිපියක්,නියමෙට ලියලා තියනවා. මමත් හොඳ,හොඳ හෝටල් වලින් කෑම කාල තිබුනට,කාල තියෙන හොඳම කෑම වේල විදිහට මතක් වෙන්නෙ පහතදැක්වෙන සිද්දිය.

    ස්ථානය: රත්නපුරේ රබර් ගලවන වත්තක වාඩියක්
    කෑම වට්ටොරුව:එවෙලෙම ගලවපු පිටි මඤ්ඤොක්කා,ගම්මිරිස් දලා උයපු මස් කරිය සහ කටදන කලටි පොල් සම්බෝලය.

    මේ සිදුවීම් දෙකම ගත්තහම, මට හිතෙන්නෙ කෑම වේලක නියම රස දැනෙන්න නම් පහත කාරණ සම්පූර්ණ් වියයුතු බවයි.

    1.කෙලින් කටින් ඉන්න බැරි තරමට, මහන්සිවී සිටිය යුතුයි.
    2.පාන් කියගන්න බැරි තරමට,බඩගිනි වී සිටිය යුතුයි.
    3.අදාල පරිසරයක සිටිය සිටිය යුතුයි.(වෙලක් ලග කුබුක් ගහක් මුල ලිදකින් සීතල වතුර ටිකක් නාගත්තහම, තවත් වටිනවා)

    ස්තුතියි, නැවත වතාවක්, මේ අපූරු ලිපියට.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  5. Express
    අගෝ. 23, 2009 @ 00:40:57

    අයියලා ඒ කාලේ ලබපු අත්දැකීම් අපට දැන් ලබන්න වාසනාව නෑ.අපි හිරවෙලා ඉන්නේ ඉස්කෝලේ-පන්ති ක්‍රමේට.කොහොමහරි දිගටම බ්ලොග් ලියන්න.මගේ සුභපැතුම්!

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: