රට ගිහින් උඩ යෑම


ඊයෙ හවස මෙහෙ (සිංගප්පූරුවෙ) තිබුන ලාංකීය සංගීත සැන්දෑවක්; ඒක සංවිධානය කරල තිබුනෙ මෙහෙ ව්‍යාපාරයක් කරගෙන යන ලංකාවෙ ඇත්තෙක්. ඇත්තටම ඒ ප්‍රසංගය හුඟක් හොඳ එකක්. වෙනත් රටකදි මේ වගේ අත්දැකීමක් ලැබෙන එකත් ගොඩක් වටිනව. කාලෙකට පස්සෙ තමයි මම ශාස්ත්‍රීය ප්‍රසංගයකට ගියේ; මට මතක විදිහට අන්තිමට මම ගියේ අපේ මොරටුව කැම්පස් එකේ මමත් සාමජිකයෙක් වුනු සිංහල සංස්කෘතික සංගමයෙන් කල “ප්‍රතිභා” ප්‍රසංගයට.

මට මේක ලියන්න හිතුනෙ ඊයෙ ඔය කියන ප්‍රසංගෙදි මම දැකපු එක සිද්ධියක් නිසා.  ඔය ප්‍රසංගයට නිකුත් කරල තිබුන අවසර පත්‍රනම් ටිකක් ගණං. ඒක නිසා මෙහෙ ඉන්න ටිකක් ඇති හැකි අය තමයි ඕකට ආවෙ. ආපු ගොඩක් අය මෙහෙ ඉඳන් ව්‍යාපාර කරන අය; නැත්නම් මෙහෙ ස්ථීර පදිංචිය ගත්ත අය. මම බෞද්ධයෙක්. අපේ පූජ්‍ය පක්ෂය වෙන මහා සංඝ රත්නයට; අපේ ගමේ බාසාවෙන් කියනව නම් අපේ හාමුදුරුවන්ට ඉඳගෙන ඉන්න තැනින් නැඟිටල ආචාර දැක්වීම චාරිත්‍රයක් වශයෙන් අපි කරන දෙයක්නෙ. ඊයෙ ඔය තිබුන ප්‍රසංගයටත් සිංගප්පූරුවෙ තියෙන අපේ පන්සල වෙන “ශ්‍රී ලංකාරාමයෙ” හාමුදුරුවරු දෙනමක් වැඩිය. හාමුදුරුවන්ට ආසන පනවල තිබුනෙ ඉස්සරහම පුටුවල.

ඔන්න දැන් ප්‍රසංගය පටන්ගන්න ඉස්සෙල්ල හාමුදුරුවො වැඩිය කියමුකො. ශාලාව ඇතුලෙ හිටිය මම දැකපු  කිසිම කෙනෙක් නැඟිට්ටෙ නැහැ. කට්ටිය හරි බරි ගැහිල වාඩි වෙලා හිටපු විදිහටම ඔහේ හිටය! අනේ මෙහෙව් ලෝකයක්! මම හිතන විදිහට ලංකාවෙන් ඒගොල්ලන්ගෙ පංචස්කන්ධයත් එක්ක ප්ලේන් එකට නැග්ග හිත සිංගප්පූරුවෙදි බිමට බැහැල නැහැ. කඳවල් පොලොවෙ තිබුනට තවම එයාලගෙ හිත් තියෙන්නෙ අහසෙ.

මම දන්න විදිහට මෙතන හිටපු අයගෙන් බොහොමයක් අය බෞද්ධ; මෙහෙ තියෙන පන්සලෙත් දායකයො. මේ වගෙ පොඩි චාරිත්‍රයක්වත් කරන්නෙ නැතුව මහ ලොකුවට බෞද්ධ වෙලා වැඩක් නැහැ නේද?

ගුණදාස කපුගේ ශූරීන්ගෙ සින්දුවකත් තියෙන්නෙ ” අහස උසට නැඟ ගියාට නැහැනෙ අහසෙ රැඳෙන්නෙ….අහසෙ මාලිගා තැනුවට අපි පොලොවේ සිටින්නෙ…” කියල.

Advertisements

ප්‍රතිචාර 5 (+add yours?)

  1. -බිன்ku-
    අගෝ. 24, 2009 @ 22:17:14

    ඕක මචං ගොඩාක් රටවල්වල ගිය ලංකීකයන්ටත් පොදුයි නෙව?

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. gayan
    අගෝ. 24, 2009 @ 23:16:43

    අය්යෝ ඔව්ව මොනවද මෙයා. කැනඩාවෙ ආවනම් උපන්දා ඉඳන් කතාකරපු බාසාවත් අමතක ඉංග්‍රීසිත් හරියට බැරි කට්ටිය බලා ගන්න පුලුවන්.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. anthr6x
    අගෝ. 24, 2009 @ 23:35:44

    හ්ම්ම්හ්.. අර කවුද ගෑනු ළමයෙක් රට ගොහිල්ල හය මාසයක් වත් යන්න කලින් දානෙකදි හාමුදුරුවන්ට “coconut chutney” (අපි දන්න විදියට පොල් සම්බෝල) බෙදන්න අහලා තිබ්බෙ…

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. cha_sl
    අගෝ. 25, 2009 @ 10:11:09

    ඕක හරි සරල දෙයක් බන්.ඔහොම කරන උන්ගෙ ලගට ගිහිල්ලා ඔලුවට පාරක් දුන්නට පස්සෙ ඔක්කොම හරි යනවා

    ප්‍රති-පිළිතුරු සැපයීම

  5. LishWish
    අගෝ. 26, 2009 @ 03:48:02

    හරියට ම හරි යාලු.. හරියට ම හරි.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: