KL (ක්වාලාලම්පූර්) යමු! – 2 කොටස


රාත්‍රියේදී පෙට්‍රෝනාස් පාමුල සිට

රාත්‍රියේදී පෙට්‍රෝනාස් පාමුල සිට

විදුලි බුබුළු දැල්වුනු පෙට්‍රෝනාස්

විදුලි බුබුළු දැල්වුනු පෙට්‍රෝනාස්

ප්‍රංශයේ පැරිස් කිව්වහම අයිෆල් කුළුණ මතක් වෙනව වගේ මැලේසියාවෙ ක්වාලාලම්පූර් කිව්වහම මතක් වෙන්නෙ කාලයක් ලෝකයේ උසම ගොඩනැගිල්ල විදිහට කිරුළ දරාගෙන හිටපු “පෙට්‍රෝනාස්” නිවුන් කුළුණුනෙ.

KL ගියහම යන්නම ඕනෙ තැනක් තමයි මෙතන. පෙට්‍රෝනාස් ඉඳිකරල තියෙන්නෙ KL වල තියෙන KLCC Park කියන උද්‍යානයේ. (KLCC කියන්නෙ Kuala Lumpur City Center කියන එකට) ඉස්සර මේ KLCC Park එකේ තිබිල තියෙන්නෙ තුරඟ තරඟ පිටියක්. පෙට්‍රෝනාස් එක්ක තමුන්ගෙ photo එකක් ගන්න දවසකට ගොඩාක් සෙනඟ එනව. රෑට light දැම්මහම පුදුම ලස්සනක් තියෙන්නෙ. කොහොමද මේකෙ උඩට නඟින්න තියෙනවනම්. ඔව් පුළුවන්; හැබැයි ඒ ගොඩනැඟිලි වල උසෙන් භාගයකට විතරයි. ඒත් මදැයි කිසිම මුදලක් ගන්නෙ නැතුව ඔච්චරක් හරි යන්න දෙනව. හැබැයි හැම වෙලාවෙම යන්නත් බැහැ. උදේ 9 විතර ඉඳන් හවස 3 විතර වෙනකං සීමිත පිරිසකට තමයි එක දවසකට මේ අවස්ථාව හම්බ වෙන්නෙ. මට මතක විදිහට අපි උදේ 6 විතර ඉඳන් පෝලිමේ හිටිය 9ට ඇතුලට පැන ගන්න ticket ගන්න. හැබැයි ඒ අත්දැකීම නම් නියමයි. පෙට්‍රෝනාස් බලන්න එන සංචාරකයන්ට හදපු වැඩසටහනකුයි, ඒකට පත් කරපු කාර්යය මණ්ඩලයකුයි වෙනමම තියෙනව. වටිනාම දේ තමයි මේ ඔක්කොම පහසුකම් ඒගොල්ලො ඒ සංචාරකයන්ට දෙන්නෙ නොමිලයේ වීම.

Sky-Bridge එකට යන්නෙ මෙන්න මේ අධිවේගී විදුලි සෝපානයෙන් තමයි

Sky-Bridge එකට යන්නෙ මෙන්න මේ අධිවේගී විදුලි සෝපානයෙන් තමයි

මුලින්ම මේ අයගෙ ආයතනය වෙන “පෙට්‍රෝනාස්” කියන මැලේසියාවෙ තෙල් අධිකාරිය ගැනයි, මේ ගොඩනැඟිල්ලෙ ඉතිහාසය ගැනයි වාර්තා වැඩසටහනක් පෙන්නනව. ඊට පස්සෙ කොටස් වශයෙන් ඉන්න කට්ටියව හරියටම ගොඩනැඟිලි වල උසෙන් භාගයකදි ගොඩනැඟිලි දෙක යාකරන්න හදල තියෙන sky-bridge  එකට එක්කගෙන යනව. එතන මිනිත්තු 10ක් විතර ඉඳල ඇතිවෙනකම් photo ගහල වට පිටේ බලල ආපහු පල්ලෙහාට එන්න පුළුවන්.

පහල තව බලන්න ගොඩක් දේවල් තියෙනව. මේ ගොඩනැඟිලි ගැන නොයෙකුත් විස්තර තියෙන Digital Audio-Video Library එකකුත් තියෙනව. ඒක නම් මැක්ස. එතනදි නියම ආතල් එකක් වගේම නියම විස්තර ටිකකුත් දැන ගන්න පුලුවන්. ඔය Digital Library එකෙන් එලියට එනකොටම පෙට්‍රෝනාස්වල  සමරු ගන්න නොයෙකුත් ජාතියෙ සමරු තියෙන shop එකකුත් තියෙනව.

Sky- Bridge එකේ ඉඳන් පහළ බැළුවහම

Sky- Bridge එකේ ඉඳන් පහළ බැළුවහම

මට මතක විදිහට පෙට්‍රෝනාස්වල ඔක්කොම දේවල් බලල ඉවර කරන්න පැය 3ක්වත් යනව. ඕනෙ නම් එලියට ඇවිත් KLCC Park එකේ රවුමක් යන්නත් පුලුවන්. ඔය KLCC Park එක පෙට්‍රෝනාස් background එක විදිහට තියෙන photo ගන්න කියාපු තැන!

මීළඟට Aquaria KLCC මින් මැදුර ගැනයි KL Tower එක ගැනයි ලියන්නම්.

Advertisements

ප්‍රතිචාර 4 (+add yours?)

  1. අමිල
    අගෝ. 30, 2009 @ 19:10:19

    එළ එළ ලියමු ලියමු

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. බුධාජීව
    අගෝ. 30, 2009 @ 21:32:59

    Sky Bridge එකෙන් ඉහළ තට්ටු වල මොනාද තියෙන්නේ ?

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • මධුරංග
      අගෝ. 31, 2009 @ 08:15:17

      පෙට්‍රෝනාස් ගොඩනැඟිලි සම්පූර්ණයෙන්ම වගේ වෙන් වෙලා තියෙන්නෙ කාර්යාල වලට. Sky-Bridge එක තට්ටු 2ක එකක්. සංචාරකයන්ට යන්න පුළුවන් 41 වෙනි තට්ටු යාකරන Sky-Bridge එකේ යටම පාළමට විතරයි. 42වෙනි තටු යාකරන Sky-Bridge එකේ 2වෙනි තට්ටුවට යන්න පුළුවන් මේ ගොඩනැගිලිවල තියෙන කාර්යාල වල ඉන්න අයට තමයි. පෙට්‍රෝනාස් යට තියෙනව Suria KLCC කියල තරු පන්තියේ සුපිරි සාප්පු සංකීර්ණයක්. මට මතක විදිහට ඕකෙ සුපිරි සිනමා ශාලාවකුයි ඔපෙරා ශාලාවකුයි තියෙනව.

      ප්‍රති-පිළිතුරු සැපයීම

  3. රසික
    අගෝ. 30, 2009 @ 21:44:34

    නියම ලිපිය. ලබන නොවෑම්බරයේ ක්වාලාලම්පූර් යනවා.

    ඊට කලින් ඔක්කොම ලිපි ටික පලකරන්න. 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: