මළගිය ඇත්තන්ගේ මාසය


චීන ජාතිකයන්ගෙ දින දර්ශනයට අනුව දැන් මේ ගතවෙන්නෙ 7වෙනි මාසය. ඒගොල්ලන්ගෙ විශ්වාසයට අනුව මේ 7වෙනි මාසෙ 15වෙනි දවසට අපායෙ ගේට්ටු ඇරෙනවලු. එතකොට අපායෙ ඉන්න මළගිය ප්‍රාණකාරයො ආපහු මහ පොළොවට එනව.

මළගිය ඇත්තන්ට කෑම

මළගිය ඇත්තන්ට කෑම

ඔන්න ඉතින් කට්ටිය මේ ඒන මළගිය ප්‍රාණකාරයො සතුටු කරන්න  14වෙනි දවසෙ නොයෙකුත් දේවල් ඒගොල්ලන්ට දෙනව. කන්න බොන්න වගේම සල්ලිත් දෙනව. කට්ටිය ඉටිපන්දම් පත්තු කරල මළගිය ඇත්තන්ට දෙන්න සල්ලි පුච්චන එක මේ දවස්වල සිංගප්පූරුවෙ හැමතැනම දැකගන්න පුළුවන්.

සමහර තැන්වල හඳුන්කූරු පත්තු කරල මේසයක් පිරෙන්න කෑම පුරෝල තියෙනව කට්ටිය වෙනුවෙන්.

මළගිය ඇත්තන්ට සල්ලි

මළගිය ඇත්තන්ට සල්ලි

එකපාරටම මේක අපිට අමුතු විදිහට පෙනුනට අපිත් මේ වගේ වැඩ කරනවනෙ. ඇයි අපි ඔය පෙරේත තට්ටු තියන්නෙ! පෙරේත තට්ටු තියන්න අවුරුද්දෙ වෙන් වෙච්ච දවස් නැහැනෙ; ඒත් මේගොල්ලො ඒකට කාලයක් වෙන්කරගෙන. දානයක් දුන්නහම, පිරිතක් කිව්වහම වගේ පිං අතේ වැඩ කලහම අපි අපේ මළගිය ඇත්තන්ට පිං අනුමෝදන් කරන්නෙ; මේකත් ඒක වගේම තමයි. ඔය කොයි දේ කළත් අන්තිමට බැළුවහම කරන්නෙ අපෙ මියගිය ඥාතීන්ට කෘතගුණ සැළකීමනෙ. ඒකයි වැදගත් වෙන්නෙ.

Advertisements

ප්‍රතිචාර 3 (+add yours?)

  1. බුධාජීව
    සැප්. 05, 2009 @ 21:39:49

    සල්ලි පුච්චනවා ? ඔයරටේ මහබැංකුවෙං ඕක තහනං කරල නැද්ද ?

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • මධුරංග
      සැප්. 05, 2009 @ 23:12:05

      මට අඳුරන එක්කෙනෙක් කිව්ව ගොඩක් කාලෙකට ඉස්සර මේ කට්ටිය පුච්චල තියෙන්නෙ ඇත්තම සල්ලිලු. ඕක ප්‍රශ්නයක් වෙන හින්ද සල්ලි වලට ආදේශකයක් දුන්නලු. දැන් මේ අය පුච්චන්නෙ “Joss Paper” කියල මුද්‍රණය කරපු කඩදාසි ජාතියක්. ඔය “Joss Paper” භූතාත්ම පාවිච්චි කරන සල්ලිලු.

      ප්‍රති-පිළිතුරු සැපයීම

  2. sahan
    සැප්. 08, 2009 @ 00:16:47

    බලං ගියාම මුං මැරිච්ච උං වත් රවට්ටනවනේ……. 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: