** ලියිට් කඩේ කොත්තුව


“පිස්සා” ට හැදුන අමාරුවක් ගැන කියෙව්වහම මටත් කැම්පස් කාලෙ වෙච්ච scene එකක් මතක් වුනා.

ඔය සිද්ධි දාමය වෙන්නෙ අපි කැම්පස් ගිය අළුත. කැම්පස් එක වටේම කෑම කඩ වැහි වැහැල නිසා අපිට මුල් දවස්වලදි කන්න ඕනෙ කොයි කොයි කඩවලින්ද කියල හරියටම idea එකක් තිබුනෙ නැහැ. අපේ බෝඩිමේ එතකොට 4දෙනෙක් හිටිය. ඔන්න ඉතින් කට්ටිය රෑට කන්න කියල බෝඩිමෙන් එලියට බැහැල මෝල්පෙ පාර දිගේ එනව. කැම්පස් එක ඉස්සරහට ආව ගමන් වමට ගියොත් චයිනීස්, දකුණට ගියොත් රතු හාල් බත්. ඒත් ඔන්න දවසක් කට්ටියට කොත්තු කන්න ආසාවක් ආව. ඒ දවස් වල පොඩියට කරපු විශේෂ පාටක ලියිට් එකක් ඉස්සරහ දාල තිබුන කඩයක් තිබුන කැම්පස් එක ළඟ. දැන්නම් ඒ කඩේ නැද්ද කොහෙද. ඒ කාලෙ කැම්පස් එකේ හිටපු කට්ටිය නම් දන්නව ඇති මොකද්ද මේ කඩේ කියල. ඒත් නම කියන එක හරි නැහැ කියල තමයි මම හිතන්නෙ.

ඔන්න කොහොමහරි කට්ටිය බඩ පැලෙනකං කොත්තු කාල එළියට ආව. බඩට කොන්ක්‍රීට් දාල වගේ. ඊට පස්සෙ සුපුරුදු විදිහට කාඩ් කුට්ටමෙන් 304කුත් බලල කට්ටිය නිදාගත්ත. ඕන් බොළේ මහ රෑ එක පාරටම ඇහැරුණා. උදරයෙන් මහා වේදනාවක් එනව. ඔන්න තව ටිකකින් අවශ්‍යතාවයත් එනව. ඉන්නම බැහැ. මොනවද උනේ කියල හිතාගන්නත් වෙලාවක් නැහැ. අඩියෙන් දෙකෙන්, නිදාගෙන හිටපු එවුන්ගෙ ඇඳන් උඩින් පැනල shortestම path එකෙන් ඔන්න රිංගුව අවශ්‍යතාවය ඉටුකරගන්න පොට් එකට. ඔන්න ඉතින් මහා මේරු පර්වතය උස්සගෙන ඉඳල බිමින් තිබ්බවගේ බරකින් සැහැල්ලු වෙලා ආපහු ඇවිත් ඇඳට වැටුන විතරයි එහා පැත්තෙ ඇඳේ හිටපු එකා ඇහුව “මචෝ උඹටත් වැඩේ හරි නේද?” කියල. බැලින්නම් උටත් මට ඉස්සෙල්ල වැඩේ charge වෙලා. ඔන්න ඔහොම කියල කට ගත්ත විතරයි තවත් එකෙක් ගාල කඩාගත්ත හරක වගේ ඇඳෙන් බිමට පැනල ****** එකට දුවපි. මිනිහත් ඉතින් හෝන්දු මාන්දු වෙලා ඔන්න බඩත් අල්ලගෙන එලියට ආව.

“උඹටත් හරි නේද?” උට කට හොල්ලන්නවත් පණ නැහැ. බඩ රිදිල්ලෙ වැඩි කමට නින්ද යන්නෙත් නැහැ. ඔන්න තව විනාඩි 10කින් විතර ඉතුරු වෙලා හිටපු එකම එකාත් පටස් ගාල ඇතුළට රිංගුව.

දැන්නම් කට්ටියටම කොත්තුවෙ රඟේ තේරිලා තිබුනෙ. ඒත් හරියටම ෂුවර් නැහැ ඒකමද හේතුව කියල. කොයි එකටත් කියල ආපහු දවසක් කට්ටිය ඔය කඩෙන් කොත්තු කාල බැළුව. කිරි ගහට ඇන්නවගේ ඕං බෙහෙත වැඩ! මධ්‍යම රාත්‍රියෙ කණිසම වදින්නෙ බඩ ඇතුළෙ. ආපහු අර ස්ටෝරියම තමයි.

ඒදා ඉඳන් කැම්පස් එකෙන් out වෙනකං අපි නෙමෙයි ආපහු ඒ කඩේට ගියේ! ඒ දවස් වල අපෙ කටේ තිබුන එකක් තමයි “මළබද්ධයට අත්දුටු ප්‍රත්‍යක්ෂ බෙහෙත ** ලියිට් කඩේ කොත්තු” කියන එක. කිරි ගහට ඇන්නවගේ බලාගෙන ඉන්නකොට ප්‍රතිඵල දෙනව.

Advertisements

ප්‍රතිචාර 7 (+add yours?)

  1. පිස්සා
    සැප්. 10, 2009 @ 14:45:41

    හික් හික්………. මම ඒකනේ කිව්වේ, ලංකාවේ කඩේකින් කෑවම ඒ ලෙඩේ හොද වෙනවා….
    හොද වැඩි කමට ‘පාචනේ’ හැදෙන එක වෙනම කතාවක්…..
    මම හිතන්නේ ඒ කඩවල උයන අය, කෑම රස කරන්න දාන ‘ අජිනමොටෝ’ හින්දා වෙන්නැති….

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. Uraj Deemantha
    සැප්. 10, 2009 @ 14:49:42

    හෆොයි…….!!

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. සුදම්
    සැප්. 10, 2009 @ 21:20:35

    එක කඩේක විතරක් නෙවෙයි, කැම්පස් එක වටේම තිබ්බ කඩවල්වල (including කටුබැද්ද හන්දිය පැත්තට යනකොට තිබුන M** ) කොත්තු කෑවම ඉඳලා හිටලා ඔය වැඩේ වෙනවාමයි. ඒත් ටික දවසක් ආයෙත් බත් කාලා එපා උනාම කොත්තුවේ පිහිට තමයි……..

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. Prabath
    සැප්. 10, 2009 @ 23:48:38

    දවසක් බදුල්ලේ වැඩකට ගිහින් බස් එකේ කොළඹ එද්දී කඩේකට ගියා. හරිම රස පාටට පේන මාලුපාන් කෑවා. කනකොට ඇඹුලක් ආවා. ගණන් ගත්තේ නෑ. ගෙදර එනකොට දාඩිය දාලා. ඇස් බොද වෙලා කකුල් තද කරන් ආවේ… ඉතුරු ටික කියන්න ඕනෙද……….

    ප්‍රති-පිළිතුරු සැපයීම

  5. ශාකුන්තල | Shaakunthala
    සැප්. 11, 2009 @ 03:14:26

    ඔය කටේ තිබුණයි කියන එක දැන්වීම් පුවරුවක් කරල කඩේ ඉස්සරහ එල්ලන්න තිබුණනේ…. මොකද කඩේ තියෙන්නෙ අධිආරක්ෂිත කලාපෙකද? රෑට හොරෙන්ම ගිහින් දැන්වීම එල්ලුවනං… ඔන්න ආතල්…. 😀

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: