පබා බැලිල්ල


එක්තරා පුද්ගලික රූපවාහිනී නාළිකාවක් මීට කාලයකට ඉස්සෙල්ල අපේ රටේ කට්ටියට එක වසංගතයක් බෝකළා. ඒක ඔය කවුරුත් දන්න විදිහට සතියෙ හැම දවසකම රෑට පැය දෙකක් එක දිගට රූප පෙට්ටිය (අපේ ගෙදරනං ඕකට ඉස්සර කිව්වෙ “හූණියම් පෙට්ටිය” කියළ) ඉස්සරහට වෙලා “Soap Opera” බල බලා ඉන්න පුරුදු කරපු එක. ඒක කොයි තරම් සාර්ථක වුනාද කියනවනම් අනෙක් නාළිකාවල කට්ටිය ඒකට මඩ ගහන්න පටන් ගත්තනෙ “ගොං දෙපැය” කියල; ඊට පස්සෙ බද්දකුත් ගැහුවනෙ. එහෙම කරළත් බැරිම තැන ඒකට තරඟයක් දෙන්න තවත් නාළිකාවක සෙට් එකක් තවත් දෙපැයක් පටන් ගත්ත. ඔය දෙපැයත් සාර්ථක වුනා මොකද ඒ Soap Operaවල තියෙන්නෙ දේශීය කතා නිසා.

ඔහොම පටන් ගත්ත ලාංකේය Soap Operaවලට මුළින්ම ලොකු ඉල්ලුමක් තිබුන. මොකද මම හිතන විදිහට “ශාන්තී”, “ප්‍රගති”, “ප්‍රවීනා” වගේ ඉන්දීය නිළියන් රඟපාපු චරිත අපෙ කට්ටිය රඟපානව බලන්න අපේ අයට ලොකු ආසවක් තියෙන්න ඇති. ඊට පස්සෙ කට්ටිය ඕකට ඇබ්බැහි වුනා. දැන් අපේ කට්ටිය දත නියෝගෙන සති මාස ගණන් එකතැන පල්වෙන පබා දිහා බලාගෙන ඉන්නව. මට මතකයි මේ ළඟදි පත්තරේකත් තියෙනව “ප්‍රභානම් ඉවරයි ඒත් පබා?” කියළ! කට්ටිය තමුන්ගෙ කාලෙ, සල්ලි නාස්ති කරගෙන පබා බලන්නෙ කතාවෙ තියෙන වැදගත්කමකට නෙමෙයි ඔහේ බලන්නං වාලෙ වෙන වැඩක් නැති නිසා.

මම මෙහෙම කියන්නෙ පහුගිය දවසක වෙච්ච සිද්ධියක් නිසා. මෙහෙ සිංගප්පූරුවෙ ඉන්න මම දන්න ලංකාවෙ කට්ටියගෙන් 90%ක්ම අන්තර්ජාලය හරහා ඔය පබාව බලනව. ඔහොම පබාව බල බල හිටපු එක්කෙනෙක් ගිය පාර ලංකාවට ගිය සැරේ එයගෙ කොම්පියුටරෙත් එහෙට අරගෙන ගියා. දැන් ඔන්න මනුස්සය ආපහු මෙහෙ ආව; මිනිහට ලොකු ප්‍රශ්නයක්! මොකද්ද? පබා බලන්න කොම්පියුටරයක් නැහැ. ඔන්න ගිය සති අන්තෙ මෙහෙ අති විශාල IT Show එකක් තිබුන. මිනිහ මොනවද කළේ. රුපියක් ලක්ෂයකට පොඩ්ඩක් අඩු ගාණක් දීල පබා බළන්න Laptop එකක් ගෙනාව! මෙහෙමත් ඇබ්බැහි වීමක්! මෙහෙමත් පිස්සුවක්!

කොහොම වුනත් අනුන්ගෙ නිදහසට බාධාවක් නොවෙනතාක් තමන්ට කැමති දෙයක් කරන්න හැමෝටම නිදහස තියෙනව. ඒත් එකතැන පල්වෙන කතා set එකක් බලන්න මෙච්චර වියදමක්?

ඉස්සර අපේ ජාතික රූපවාහිනියෙ ගියේ කොච්චර අර්ථවත්, රසවත් ටෙලි නාට්‍යයද? “වෙද හාමිනේ”, “අකාල සන්ධ්‍යා”, “දඬුබස්නාමානය” වගේ. මගෙ හිතේ අන්තිමට ඔය වගේ හොඳ ටෙලියකට ගියෙ “මුතුමිණ” හිටපු “ඉසුරු යෝගය” තමයි. ඊට පස්සෙ ගියේ මුළදි පොඩ්ඩක් ලස්සන පස්සෙ බොහොම අමාරුවෙන් ඇදගෙන යන, අපේ මිනිස්සුන්ගෙ විඥාණය මොට කරන සෝඩා බොතල් ටෙලි නාට්‍ය!

Advertisements

ප්‍රතිචාර 6 (+add yours?)

  1. Malee_Msg
    සැප්. 14, 2009 @ 13:32:10

    තාමත් හොද නාට්‍ය යනවා.. අවුල තියෙන්නේ පබාලා වගේ ලොසිංජර් නිසා වටින දේවල් ගැන අවදානයක් නැති එකයි.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. දුකා
    සැප්. 14, 2009 @ 14:28:06

    haima kanagaatui ape minissungea rasangnathaawaya mota karana eka mea TV channel walin . . .

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. Chrishi -- ක්‍රිෂි
    සැප්. 14, 2009 @ 16:32:44

    නාලන් මෙන්ඩිස් මහත්තයා හදන ටෙලි නම් ඉතින් කියලා වැඩක් නෑ. හැබැයි ඔන්න එයත් මෙගා පටන් අරන් !

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. ශාකුන්තල | Shaakunthala
    සැප්. 14, 2009 @ 20:22:58

    මම නම් ඕවා ගැන කතා කරන එක නවත්තලා තියෙන්නේ… බලන එකා බලද්දෙන් නැහෙද්දෙන්… මට මොකෝ.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  5. udara
    සැප්. 15, 2009 @ 00:54:55

    මේ දවස් වල ජාතික රූපවාහිනයේ යන ටෙලි ගැන නම් වරදක් කියන්න නෑ.. යස ඉසුරු කියන නාට්‍යයත් ගොඩාක් හොඳයි…

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • මධුරංග
      සැප්. 15, 2009 @ 01:03:53

      පබයි මුතු කිරිල්ලී තරම් ඉක්මනට ඔය කියන හොඳ ටෙලි youtube එකට upload නොවෙන හින්ද ඒව ගැන වැඩියමක් කියන්න ලංකාවෙන් පිට ඉන්න මම දන්නෙ නැහැ. හොඳ ටෙලි ගියාට ඒව බලන්න කට්ටිය ඉන්නවද කියන එකත් මට සැකයි.

      ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: