සරුංගලේ


නන්දා මාලිනියන්ගේ “සරුංගලේ” කියන සින්දුව මට අහම්බෙන් වගේ youtube එකේ කරක්ගහපු වෙලාවක අහන්න සෙට් වුනා.

ලංකාවට ප්‍රශ්නයක් වෙලා තියෙන “බුද්ධි ගලනය” කියන මාතෘකාව නියමෙට මේ සින්දුවෙන් ආමන්ත්‍රණය කරනව කියල තමයි මටනම් හිතෙන්නෙ. ලංකාවෙන් බිහිවෙන හුඟක් ඉංජිනේරුවො, දොස්තරල ඒ තැන්වලට ආවහම හුඟක් කතා කරන්නෙ තමුන්ට නොමිළේ උගන්වපු රටට, තමුන්ගෙ අධ්‍යාපනයට වියදම් කරපු අසරණ මිනිස්සුන්ට තමුන්ගෙන් වෙන්න ඕනෙ යුතුකම් නෙමෙයි; තමුන්ට, තමුන්ගෙ “ලොකු තත්ත්වයට” ලැබෙන්න ඕනෙ අයිතිවාසිකම් ගැන.

Swades - We The People

Swades - We The People

අපිව ඉංජිනේරුවො, දොස්තරල කරන්න ගඟේ වැලි ගොඩදාන මනුස්සයගෙ ඉඳල රටේ ඉන්න හැම දුප්පත් මිනිහම බදු ගෙවනව. එච්චර වෙහෙසක් දරල රට ඉංජිනේරුවො, දොස්තරල හදන්නෙ උන් මේ රටට සේවයක් කරයි කියන බලාපොරොත්තුවෙන්; එහෙව් එකේ දුප්පත් රටකින් නොමිළේ උසස් අධ්‍යාපනය ලබාගෙන තමුන්ගෙ ආත්මාර්ථය විතරක් බලාගෙන සංවර්ධනය වෙච්ච රටකට සංක්‍රමණය වීම කොච්චර බාල වැඩක්ද? Swades කියන හින්දි චිත්‍රපටියෙනුත් මේ ප්‍රශ්නය නියමෙට සාකච්ඡා කරනව.

කොහොම වුනත් දොස්තරලට, ඉංජිනේරුවන්ට නියම වෘත්තීය තත්ත්වයක් අපේ රටේ නැහැ කියන එකනම් පිළිගන්න වෙන සත්‍යයක්. ඒත් රට හැර දාල යන එක නෙමෙයි කරන්න ඕනෙ. අදාල වෘත්තීන්ට ලැබෙන්න ඕනෙ සාමාජීය හා ආර්ථික තත්ත්වය හදාගන්න එකත් එක්තරා දුරකට ඒ වෘත්තීන්වල යෙදෙන අයගෙම වගකීමක්. එහෙම හදාගන්න අමාරුයි කියළ හිතෙනවනම් පිටරටක වැඩ කළත් කමක් නැහැ, තමුන් හම්බකරන සල්ලි තමුන්ට උගන්වපු රටට එවනවනම් migrate වෙන්නෙ නැතුව. මේ ලෝකෙ මොන දේ වෙනස් කළත් ඉපදුන රටයි, අම්මවයි වෙනස් කරන්න බැහැ කියළ කොහෙද තිබුණ මට මතකයි.

උපන් බිමට වඩා තැනක් කොහෙද තියෙන්නේ………….

Advertisements

ප්‍රතිචාර 10 (+add yours?)

  1. සුපුන් සුදාරක
    සැප්. 15, 2009 @ 23:11:34

    ‍මෙහෙමයි, ඕක ඇතිවෙලා තියෙන්නේ මේ තියෙන ක්‍රමෙත් එක්කමයි. මේ තියෙන නොමිලේ නිදහස් අධ්‍යාපනයක් වුනත්. එතනින් ඉන්ජිනේරුවෙක්, වෛද්‍යවරයෙක් වෙලා එලියට එන්න නං ලොකු කට්ටක් කන්න ඕන. ඉතින් ඒ කන කට්ට නිසා ඒ එළියට එන ලොකු පිරිසක් සමාජයට වෛර කරන්න පටන්ගන්නවා නොදැනීම. ඒකනිසා මේ රට එපාවෙලා ඒ අය රට යනවා. ඉතින් මේකට ඒ අයට ලොකු වරදක් කියන්නත් බෑ… 😦

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. Chanaka
    සැප්. 15, 2009 @ 23:58:44

    දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙනවට වඩා නරකද ඇමති කෙනෙක් වුනානම් ???

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. Chanaka
    සැප්. 16, 2009 @ 00:02:26

    මේ අහන්නමයි හිටියෙ, සිංගප්පූරුවෙ ඉඳන් ලංකාවට සල්ලි යවන්න හොඳම ක්‍රමේ මොකක්ද ? මෙහේ බැංකු වලින් ලොකු ගාණක් කපා ගන්නව නේද Fund Transfers වලට ?

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. අනූ
    සැප්. 16, 2009 @ 10:53:38

    සුදාරක කියන කතාවෙ ඇත්තක් තියනව.

    සරුංගලේ සිංදුවේ ඔරිජිනල් එකක් එහෙම තියනවනං කොහාට හරි දාල කියනවද? මං මේක හැම තැනම හෙව්ව. සල්ලි දීල හරි ගන්නව කියල තාම හම්බුනේ නෑ.

    @Chanaka
    සෙලාන් western union තමා ලාබම ක්‍රමේ.

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • මධුරංග
      සැප්. 16, 2009 @ 14:53:37

      සුදාරකයි, අනුරාධයි කියන කතාව ඇත්ත, නොමිළේ ඉගැන්නුවත් අපේ බොහොමයක් විශ්ව විද්‍යාලවල තාක්ෂණය ගොඩක් යල් පැන ගිහින් තියෙන්නෙ. ඒ නිසා මගෙ අදහසනම් නවීන තාක්ෂණික දැනුම හොයාගන්න, උසස් අධ්‍යාපනයට වගේ වෙනත් රටවලට ගියට කමක් නැහැ ආපහු තමුන්ගෙ රටට ඇවිත් තමුන්ගෙ රටේ තියෙන තාක්ෂණික විඥාණය update කරනවනම්. අපේ රටෙන් ඔහොම එක එක හේතු නිසා පිටරට වලට ගිය කට්ටිය ආපහු ඇවිත් රටේ තාක්ෂණික විඥාණය update නොකරපු හින්ද තමයි අපේ අධ්‍යාපන ක්‍රමය එක තැන තියෙන්නෙ.

      තමුන්ට කොච්චර හැකියාවක් තිබුනත් වැඩක් නැහැ උඩට යන්න ඉණිමඟක් තිබුනෙ නැත්නම්. එහෙම ඉණිමඟේ උඩට නැඟල තමුන් දැන් උඩ ඉන්න නිසා ඉණිමඟට පයින් ගහනවනම් ඒක වැරදියි.

      අනෙක් ඉංජිනේරුවො, තාක්ෂණ නිළධාරින් වගේ අයට පිටරටවල වැඩ කරල තාක්ෂණික විඥාණයට අමතරව අති විශාල විදේශ විනිමයක් ආපහු අපේ රටට යවන්නත් පුළුවන්.

      ප්‍රති-පිළිතුරු සැපයීම

  5. lilanga
    සැප්. 16, 2009 @ 19:12:12

    මධුරංග ඒ ‍වගේම උගත් අයට නිසි තැන ලැබෙන්නත් ඔනෙ. කාගෙ හරි සොක්කෙක් යටතේ තමන්ගේ හැකියාව මොට කරගෙන වැඩ කරන්න ඒ අය කැමති වෙන්නෙ නැහැනෙ. මමනම්‍ හිතන්නෙ අපේ ර‍ටේ පධාන ‍ගැටළුවක් වෙලා තියෙන්නෙ ඕකයි. ඒ හින්ද රටට ඉස්සරහට යන්න තියෙන මග ඇහිරෙනව. උගත් අය රට දාල යනව. ඔයා අන්තිමට සටහන් කරල තියෙන දේ 100% ඇත්ත. මොන දේ උනත් අපේ මුල් තියෙන්න ඕනෙ ලංකා‍වේ.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  6. කපිල
    සැප්. 16, 2009 @ 21:37:02

    මොකක්ද අර සුදාරකගෙ “සමාජයට වෛර කරන” කතාව ????

    ප්‍රති-පිළිතුරු සැපයීම

  7. සුපුන් සුදාරක
    සැප්. 16, 2009 @ 22:58:03

    @කපිල- සමාජයට වෛර කිරීමක් සිද්ධ වෙන්නේ අනවශ්‍ය තරගකාරීත්වයත් එක්ක. තරගකාරීත්වය තියෙන්න ඕනේ. ඒත් ඔනෙම දෙයක් ඕනෙවාට වඩා ඕනෙම නෑ කියලා කියනවා නේ.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  8. නිසල්
    ඔක්. 05, 2009 @ 13:36:26

    මම ලංකාවේදි ඉන්න කාලේ මාසෙකට ඩොලර් X ප්‍රමාණයක් විදේශ විනිමය ලංකාවට ගෙනාවා. දැන් සිංගප්පූරුවේ ඉඳන් මාසෙකට ඩොලර් 3X ප්‍රමාණයක් විදේශ විනිමය ඉතිරිකරනවා. ඒ ටික කවදාහරි ලංකාවට ගේනවා. බුද්ධිගලනය හැමවිටම නරකමත් නෑ.

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • මධුරංග
      ඔක්. 05, 2009 @ 14:04:58

      පිටරටක ඉඳන් තමුන්ට තෘප්තිමත් සහ නියම වැටුපක් ලැබෙන රැකියාවක් කරල ලැබෙන සල්ලි තමුන්ගෙ රටට ආපහු එවන එක හොඳ වැඩක්. ඒකෙන් ඔයා රටට විදේශ විනිමය උපයනව.

      ප්‍රති-පිළිතුරු සැපයීම

Chanaka වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: