රට රස්සාව


ලංකාවෙන් ගොඩක් කට්ටිය පිටරට රස්සාවල් කරන්න එනව. මෙහෙම එන කට්ටියගෙන් බොහොමයක්ම අය කරන්නෙ ගෘහ සේවය, ශ්‍රමික, කාර්මික , රියදුරු වගේ රස්සාවල්. වෘත්තීය රැකියාවලට එන්නෙ බොහොමයක් අඩුවෙන්. වෘත්තිකයො ආවත් බොහොමයක් අය කරන්නෙ දියුණු වෙච්ච රට වලට සංක්‍රමණය වෙන එකනෙ.

මේ ළඟදි මෙහෙ Super Market එකකදි මම දැක්ක දෙයක් ගැන තමයි මට අද ලියන්න හිතුනෙ. මම ඒ Super Market එකෙන් මට ඕනෙ බඩු ටිකක් අරගෙන Cashier ළඟට ගිහින් මුදල් ගෙවන්න හදනකොට එහා පැත්තෙ Cashier ළඟ බඩු අරගෙන සල්ලි ගෙවන්න තව දෙන්නෙකුත් හිටිය. පෙනුමෙන් මේ අය ඉන්දියාවෙ හරි බංගලිදේශයෙ හරි කට්ටිය වගෙ තමයි පෙණුනෙ. මේ අය අරගෙන තිබුනෙ එදිනෙදා කෑමට ඕනෙ කෑම උයන්න ගන්න බඩු ටිකක්. ඔන්න Cashier ගෑණු ළමය ඩොලර් 6 ක වගේ ගාණක් කිව්ව ඒ අයට ගෙවන්න. ඔන්න දෙන්නම ඉතින් සාක්කු වලට අතදාල සිල්ලර කාසි ගොඩක් අරගෙන දුන්න. ඔක්කොම එකතු කලහම ඩොලර් 5ක් වගේ තමයි තිබුණෙ මගෙ හිතේ. ඔන්න ඊට පස්සෙ දෙන්නත් එක්ක ගත්ත ඔක්කොම බඩු ගන්න සල්ලි නැති නිසා බොහොම අමාරුවෙන් මොකක්ද කෑම ජාතියක් ආපහු දුන්න. ඊට පස්සෙ ගණං බේරල ගියා.

මේක සාමාන්‍ය සිද්ධියක් වගේ පෙනුනට අපිට නොපෙනෙන පැත්තකුත් තියෙනව කියල තමයි මට හිතෙන්නෙ. රට රස්සාවල් කරන්න බොහොමයක් අය එන්නෙ තමුන්ගෙ පවුල්වල තියෙන අග හිඟකම් නිසා. බොහොමයක් අය මාසයක් ගානෙ තමුන්ට පඩි හම්බ වුනහම පුලුවන් තරම් සල්ලි ලංකාවෙ තමුන්ගෙ ගෙදරට අරිනව අතේ වියදමට කීයක් හරි තියාගෙන. ඔහොම අතේ වියදමට කියල තියාගන්නෙ සොච්චං මුදලක්. ඔය මුදලෙන් ඒ අය ඊළඟ මාසෙ පඩිය හම්බවෙනකං බොහොම අමාරුවෙන් තමයි ජීවිතේ අරගෙන යන්නෙ. ගොඩක් කට්ටිය නවාතැන් අරගෙන ඉන්නෙ පහසුකම් ගොඩක් අඩු, අන්ත අසරණ තැන් වල. ඔය විදිහට ගොඩාක් අමාරු ජීවිත ගතකරල තමයි රට රස්සාවල් කරන කට්ටිය ලංකාවට විදේශ විනිමය එවන්නෙ.

Advertisements

ප්‍රතිචාර 3 (+add yours?)

  1. කුමාර
    සැප්. 24, 2009 @ 03:24:27

    ඒ කතව ඇත්ත. ඒත් සමහරු හිතන්නෙ රට ගියා කිව්වම, හතර මහ නිධානෙ පහල උනා කියලා.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. දුකා
    සැප්. 24, 2009 @ 05:57:48

    හොඳ ලිපියක් . . . රට රස්සාවකට ආපු අය දිවිය ලෝකේ සිතූ පැතූ සම්පත් ලබා දෙන කල්ප වෘක්ෂය හොල්ලනවා වාගේ සිම්පල් වැඩක් කරන්නේ කියා සිතන අයගේ ඇස් අරවන ලිපියක් . . .

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. සාගර
    සැප්. 24, 2009 @ 09:12:11

    ඉතා හොඳ ලිපියක්. සම්පූර්ණ ඇත්ත.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: