පහුගිය දවස් ටිකේ මොනවත් ලියන්න හම්බවුනේ නැහැ. මුලින්ම පාත් වුන ලෙඩේ තමයි Laptop එකේ Screen එක ගිය එක. හැබැයි මම ඒක ගන්නකොට මට අවුරුදු 3ක Pickup , Repair & Return Warranty හම්බවුනා. ඒක නිසා call එකක් දැම්ම විතරයි HP කට්ටිය ඇවිත් ඒක අරගෙන ගිහින් repair කරල ආපහු ගෙනැත් දෙනව.
ලියන්න බැරිවෙන්න අනෙක් හේතුව තමයි යාළුවෙක් එක්ක තායිලන්තෙ පුකෙට් කියන දූපතට යන්න වෙච්ච එක. ගමනට වැඩි වියදමක් නම් ගියේ නැහැ මොකද යන plane එකේ ඉඳන් ඔක්කොම budget නිසා. ගමන නම් මැක්ස. වියදම් කරපු හැම සතේම වටිනව. ඒ වගේම නියම photo ටිකකුත් ගන්න පුළුවන් වුනා. මේ ගමන ගැන වැඩිපුර විස්තර පස්සෙ ලියන්න තමයි හිතාගෙන ඉන්නෙ. දැනට මම ගත්ත photo ටිකක් බලල ඉන්නකො.