කඩ්ඩ


අපි සාමාන්‍යයෙන් “කඩ්ඩ” කියන්නෙ ඉංග්‍රීසි භාෂාවටනෙ. ඔය නම හැදුනෙ ඉස්සර ඉංග්‍රීසිය සල්ලි තියෙන අය ආභරණයක් විදිහට කැපී පෙනෙන්නයි සල්ලි බාගෙ නැති අය “කපා දාන්නයි” පාවිච්චි කරපු නිසා කියල තමයි මම නම් හිතන්නෙ.

ඒත් දැන් ඉංග්‍රීසිය ජාත්‍යන්තර භාෂාවක් වෙලා. අපි කැමති වුනත් නැතත් සමාජයේ ඉස්සරහට යන්න අවශ්‍ය මෙවලමක් වෙලා.

ඒක නිසා හැමෝම පුළු පුළුවන් විදිහට ඕක ඉගෙන ගන්නවනම් තමයි හොඳ. තමුන්ගෙ මවු භාෂාව නොවන නිසා 100%ක්ම නිවැරදියට ඕක පාවිච්චි කරන්න ඕනෙ නැහැ. අනෙක් මිනිහට තමන් අදහස් කරන එක තේරෙනවනම් එච්චරයි.

හැබැයි මම කියන්නෙ යන්නෙ ඕකෙ වෙනම පැත්තක් ගැන. තමුන්ට කොච්චර “කඩ්ඩ” පුළුවන් වුනත් තමුන්ගෙ මුල් අමතක කරන්න හොඳ නැහැ. ප්‍රංශකාරයො දෙන්නෙක් මුණගැහුනොත් උන් දෙන්න කතාකරන්නෙ ප්‍රංශ භාෂාවෙන්. ඉතාලිකාරයො දෙන්නෙක් උනත් එහෙමයි. වැඩිය ඕනෙ නැහැ අපේ ලංකාවෙ දමිළ සහෝදරයො දෙන්නෙක් වුනත් එහෙමයි. එහෙම පිට තැනකදි තමුන්ගෙ මවු භාෂාවෙන් කතාකරන එක ඒ අයට ආඩම්බරයක් කියල මට මගෙ පිටරට යාළුවො කීපදෙනෙක්ම කියල තියෙනව.

හැබැයි මම අහල දැකල තියෙන විදිහට සිංහල මිනිස්සු දෙන්නෙක් පිට තැනකදි මුණ ගැහුණොත් ඒ දෙන්නම හදන්නෙ එක්කෙනෙක්ට වඩා අනෙක් එකාට හොඳට “කඩු හරඹ” පුළුවන් බව පෙන්නන්න. අපිට වැරදුනේ කොයි තැනදිද?

Advertisements

ප්‍රතිචාර 9 (+add yours?)

  1. බුධාජීව
    ඔක්. 29, 2009 @ 12:49:15

    අපිට වැරදුනේ “පිටරටදේ සිරිසැප දේ” කියන තැනින්!

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. kaushi78
    ඔක්. 29, 2009 @ 16:19:34

    ඒක වැරදි කතාවක්. අපේ රටේ ගොඩක් අයගේ ඉංග්‍රීසි දැනුම හොදටම මදි, ඉතින් කතා කරන්න කරන්න තමයි ඒ දැනුම දියුණු වෙන්නේ. අපි ලංකාවේ දෙන්නෙක් හම්බවුනත් ඉංග්‍රීසියෙන් කතා කරන්න පුලුවන් නම් තමයි අපිට ඒ දැනුම ලබා ගන්න පුලුවන් වෙන්නේ. එහෙම නැතුව පිටරට අය හමුවෙනකම්ම හිටියොත් කතා කරන්න මම හිතන්නේ මාස 6කට විතර සැරයක් තමයි ගොඩක් දෙනෙකුට කතා කරන්න වෙන්නේ.

    අනිත් එක එංගලන්තය, ඕස්ට්‍රේලියාව, අමෙරිකාව වගේ රටවල් වල අය හැරෙන්න ගොඩක් පිටරට අයට හරියට ඉංග්‍රීසි බැහැ.

    අපිට වැරදුනේ සිංහල අමතක කරලා නෙවෙයි, ඉංග්‍රීසි අමතක කරලා ජාත්‍යයන්තරයට යන්න හදපු එකයි.

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • මධුරංග
      ඔක්. 29, 2009 @ 16:56:04

      පටලවා ගන්න එපා.
      ඉගෙන ගන්න ඉංග්‍රීසි කතා කරන එකයි; “show” එකට ඉංග්‍රීසි කතාකරන එකයි දෙකක්.
      ලංකාවෙදි ගිරිය පුප්පගෙන “ජාතිකත්වය, දේශීයත්වය” ගැන කතා කරන සමහර අය පිටරටවලදි ඉංග්‍රීසියෙන් “talks” දීල අපේම අය ඉස්සරහ “පොර” වෙන්න හදනව මම ඕනෙ තරම් දැකල තියෙනව.

      ප්‍රති-පිළිතුරු සැපයීම

  3. lg77
    ඔක්. 29, 2009 @ 22:02:05

    අනේ මන්දා…කඩ්ඩෙන් කතා කරන එකේ “show” එක මොකද්ද කියල මට නම් තේරෙන්නෙ නෑ..

    ඒක නිකන් මෝඩ චුන් එකක් වගේ කියලයි මට හිතෙන්නෙ 😉

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. malee_msg
    ඔක්. 29, 2009 @ 23:08:44

    මං නම් හිතන්නේ අපිට වැරදුනේ.. අපි ඉංග්‍රීසි කථා කරන්න ඕනි කොතනද නැත්තේ කොතනද කියන එක තේරුම් ගත්තේ නැති නිසයි!

    ප්‍රති-පිළිතුරු සැපයීම

  5. Wicramasinghe
    ඔක්. 30, 2009 @ 02:00:54

    hondata English igenagena Sobana kaarayinge show bassawamu

    ප්‍රති-පිළිතුරු සැපයීම

  6. Dappi Sira
    ඔක්. 30, 2009 @ 05:46:06

    “show” එකට ඉංග්‍රීසි කතාකරන එක ගෑන ඔබගේ අදහස ගෑන එකගයි. නමුත් kaushi78 කියන්නාසේ, කඩ්ඩ උපකරනයක් නොවී ආයුධයක් බවටපත් උනේ, එක්තරා යුගයක සිංහල භාශාව දේශපාලන අවියක් ලෙස යොදාගෑනීමේ අතුරුප්‍රතිපලයක් නිසයි.

    මේ සිංහල රජ කරවීමේ ප්‍රවනතාවය නෑවතත් ඈති වෙලා තියනවා. මේ අයගේ අදහස් පිරිසිදු වුවත්,වගේම වෑඩේ වරදක් උඩින් නොපෙනුනත්, නොදනුවත්වම කෙරෙන්නේ,මේ කොලබට කිරි අපට කෑකිරි කියලා, ගමේ අපගේ කටේ පිදුරු ඔබන එකයි. කලයුත්තේ ගමට, ඉංගිරිසි ගෙනයාම නොවේද? එතකොට, මහවිලච්චියෙ ලමයිත් යමක් ඉගෙන ගනීවි.වෑඩිදෙනා ඉංගිරිසි දන්නවා නම් ඔය හීනමානය නිකම්ම නෑති වෙලා යාවි.

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • මධුරංග
      ඔක්. 30, 2009 @ 08:20:44

      මම ඉස්සෙල්ල කිව්ව විදිහට දැන් අපි කැමති වුනත් නැතත් සමාජයේ ඉදිරියට යන්න ඉංග්‍රීසිය අවශ්‍ය වෙලා තියෙන්නෙ. ඒක නිසා රටේ ඉංග්‍රීසි අධ්‍යාපනය දියුණු කරන්න ඕනෙ. ඒක අනිවාර්යය දෙයක්. ඒක ගැන විවාදයක් නැහැ.

      ඒත් මම ඉස්මතු කරන්න හදපු දේ තමයි තවමත් අපේ සමහර පුද්ගලයින් ඉංග්‍රීසිය “මෙවලමක්” විදිහට නැතුව අන් අය “කපා දමන ආයුධයක්” එහෙමත් නැත්නම් අනෙක් අය ඉදිරියේ කැපී පෙනෙන්න “ආභරණයක්” විදිහට පාවිච්චි කරන එක; අපේ සමහර අය කොච්චර දේශීයත්වය ගැන කෑගැහුවත් ඒවා ක්‍රියාවෙන් පෙන්නන්නෙ නැති බව.

      ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: