දේවතා එළිය

ඔන්න සිංගප්පූරුවෙ අපේ ගෙදර ඉලෙක්ට්‍රොනික් බඩුගන්න නම ගිය “අයිය” ගිය ඉරිදා අති නවීන අංගෝපාංගයන්ගෙන් පරිපූර්ණ කැමරාවක් මිළදී ගත්ත. පිස්සු හැදෙනව ඒකෙ වැඩ කෑලි ටික දැක්කහම. මිනිහ හැබැයි ඔය “පොටෝ ගැහිල්ලට” ටිකක් ආධුනිකය.

ඊයෙ රෑ ඔන්න ගෙදර කට්ටිය වැඩ ඇරිල ගෙදර ඇවිත් රාත්‍රී ආහාරය අරගනිමින් ඉන්න කොට එක පාරටම දීප්තිමත් එළියක් ඇවිත් ගියා. ඊයෙ රෑ එච්චර වැහි කළුවකුත් තිබුණෙ නැහැ. ඒක නිසා අකුණක් ගැහුව වෙන්නත් බැහැ. කට්ටිය ඔහොම කතා කර කර ඉන්න කොට ආපහු ඔය එළිය ඇවිත් ගියා. ඔන්න දැන් කට්ටිය තක බීර් වෙළා!

“එකත් එකට මේක ෂුවර් එකටම දේවතා එළියක්!” එක්කෙනෙක් එහෙම කියනව. තව එක් කෙනෙක් අහනව “මේ සිංගප්පූරුවෙ කොයින්ද දේවතා එළි? ඒව තියෙන්නෙ ලංකාවෙනෙ!” එතකොට ආපහු අනෙක් එකා කියනව ” ඇයි ඕයි එතකොට දෙයියො ඉන්නෙ ලංකාවෙ විතරද?”

ඔයින් මෙයින් අන්තිමට කට්ටිය තීරණය කලා ඒක දේවතා එළියක් කියල. ටික වෙලාවකට පස්සෙ ආපහු ඒ දේවතා එළිය ආව. මේ පාරනම් ඒක ආවෙ කාමරයක් ඇතුලෙ ඉඳන්. කට්ටිය ඔක්කොම කාමරේ දොර ඇරගෙන ඇතුලට ගියා දේවතා එලිය බලන්න.

එතකොට ඔන්න මෙච්චර වෙලා එලිය දාපු දේවතාවා ඉන්නව කාමරේ ඇතුලෙ අළුත් කැමරාවෙන් පොටෝ ගගහ!

පසු ලිවීම: –  රෑට කැමරාවෙන් පොටෝ ගහනකොට වදින Flash එළිය තමයි කට්ටිය දේවතා එළියක් කියල හිතල තියෙන්නෙ. මැක්ස scene එක නේද?

Advertisements

GENTING යමු

මැලේසියාවෙ KL සංචාරය ඉවර කළහම KL වලට ළඟින්ම තියෙන යන්න පුලුවන් තව තැන් දෙකක් මගෙ මතකයට එනව. පළවෙනි තැන තමයි “බටු” කියල හැඳින්වෙන ගුහාව, අනෙක් තැන තමයි

Cable Car

Cable Car

GENTING.

“බටු” කියල හැඳින්වෙන්නෙ KLවලට කිලෝමීටර 14ක් විතර දුරින් තියෙන විශාල හුණුගල් ගුහාවක්. මෙතැන දැන් “මුරුගන්” කියන දෙවියන් වෙනුවෙන් කැපවුනු හින්දු දේවාලයක් තියෙනව. ගිහින් තියෙන කට්ටිය කියන්නෙ මෙතන ලස්සන තැනක් කියල. හැබැයි මටනම් යන්න බැරිවුනා.

හැබැයි GENTING කියන තැනටනම් මම ගිහින් තියෙනව. GENTING කියන්නෙ මැලේසියාවෙ තියෙන ප්‍රධාන පෙළේ හෝටලයක්; කැසිනෝ ක්‍රිඩාවට ලෝකයේ නමගිය තැනක්. හැබැයි අපි ගියේ ඒ හෝටලයට යන්න තියෙන ආසියාවෙ දිගම කේබල් කාර් එකේ යන්නයි හෝටලය අවට තියෙන Theme Park එකේ දවසක් ගතකරන්නයි විතරයි. KL වලට ආවට පස්සෙ GENTING යන එක ගැන එච්චර වද වෙන්න දෙයක් නැහැ. KL වල පුදුරයා කියන ප්‍රධාන බස් නැවතුමේ ඉඳන් යන්න බස් සේවාවක් ඒ හෝටලය අයිති සමාගමෙන් ආරම්භ කරල තියෙනව. බස් එකේ යන්නයි එන්නයි විතරක් නෙමෙයි කේබල් කාර් එකටත් මෙතැනින් ටිකට් ගන්න පුළුවන්.

අපිට උදේ යන්න බස් ටිකට් ගන්න බැරිවුනා. ඒක නිසා ටැක්සියක් අරගෙන තමයි ගියේ.  GENTING කියන්නෙ මීදුමෙන් වැහුනු ( ලංකාවෙ හෝර්ටන් තැන්න වගේ ) කඳුකර ප්‍රදේශයක්. එහෙ තියෙන මේ හෝටලයට නම වැටිල තියෙන්නෙ ඒක හින්ඳ වෙන්න ඇති. කේබල් කාර් ගමන නම් මැක්ස. මීදුමෙන් වැහිච්ච කඳු උඩින් කේබල් කාර් එකේ යන එක නියම අත්දැකීමක්. ගාණත් අන්තිම සාධාරණයි.  එක පැත්තකට යන්න රිංගිට් 5ක් වගේ ගාණක් තමයි එක්කෙනෙකුගෙන් ගත්තෙ. අපිගිය දවස පුදුම හීතල දවසක්. යනවනම් අනිවාර්යයෙන්ම සීතලට අඳින ඇඳුම් අරගෙන යන්න. අපි ගියේ වැඩි විස්තරයක් දන්නෙ නැතිව. ඒක නිසා මුළු දවසම හීතලේ ගැහි ගැහි තමයි හිටියෙ.

GENTING

GENTING

GENTING Theme park එකනම් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මැක්ස! GENTING ගිහින් තියෙන මම දන්න හැමෝම කියන්නෙ ඕක තමයි. මතකද පොඩි කාලෙ සිංහල පොතේ තියෙනව “බය යනු කුමක්ද” කියල පාඩමක්? මට නම් බය යනු කුමක්ද කියල දැනුනේ GENTING වලදි තමයි.

GENTING Theme park එකේ සෙල්ලං නං ගොඩක් තියෙනව. මගෙ නම් හිත් ගත්ත සෙල්ලම තමයි “Space Shot” කියන එක. මීටර 250ක් වගේ උඩක් ඉඳන් ගුරුත්වය යටතේ බිමට වැටෙනකොට තියෙන ආතල් එක කොහොමද? (Youtube වල තිබිල හම්බවුනු Space Shot එකේ clip එකක් මෙන්න.) Flying Coaster, The Corkscrew, The Spinner, Cyclone වගේ තව ගොඩක් සෙල්ලං තියෙනව. මැක්සම වැඩේ තමයි මේ ඔක්කොම තියෙන්නෙ මීදුමෙන් වැහිච්ච අම්බානකට හීතල කඳුකර ප්‍රදේශයක වීම. හීතලේ ගැහි ගැහී බයෙන් වෙවුල වෙවුල ගත්ත experience එකනම් පට්ට. කට්ටිය GENTING ගිහින්ම බලන්නකො!

සංචාරේ….

පහුගිය දවස් ටිකේ මොනවත් ලියන්න හම්බවුනේ නැහැ. මුලින්ම පාත් වුන ලෙඩේ තමයි Laptop එකේ Screen එක ගිය එක. හැබැයි මම ඒක ගන්නකොට මට අවුරුදු 3ක Pickup , Repair & Return Warranty හම්බවුනා. ඒක නිසා call එකක් දැම්ම විතරයි HP කට්ටිය ඇවිත් ඒක අරගෙන ගිහින් repair කරල ආපහු ගෙනැත් දෙනව.

ලියන්න බැරිවෙන්න අනෙක් හේතුව තමයි යාළුවෙක් එක්ක තායිලන්තෙ පුකෙට් කියන දූපතට යන්න වෙච්ච එක. ගමනට වැඩි වියදමක් නම් ගියේ නැහැ මොකද යන plane එකේ ඉඳන් ඔක්කොම budget නිසා. ගමන නම් මැක්ස. වියදම් කරපු හැම සතේම වටිනව. ඒ වගේම නියම photo ටිකකුත් ගන්න පුළුවන් වුනා. මේ ගමන ගැන වැඩිපුර විස්තර පස්සෙ ලියන්න තමයි හිතාගෙන ඉන්නෙ. දැනට මම ගත්ත photo ටිකක් බලල ඉන්නකො.

වරල්

වරල්

තේ

තේ

Pepsi on Beach

Pepsi on Beach

Phi Phi Don වෙරළ

Phi Phi Don වෙරළ

තවත් photo මෙතනින් බලන්න.

Next Newer Entries