ගිලීමලෙත් ඇත දත සුද්දෝ….


ගිලීමලේ කියන්නෙ රත්නපුර පාරෙන් සිරී පාදය කරුණා කරන්න යනකොට හමුවන ගමක් කියල තමයි මම නම් අහල තියෙන්නෙ. මේ ගමේ ඉන්නෙම බුලත්විට කන උදවියලු. ඒක නිසා ගිලීමලේ කියන ගමේදි මුණ ගැහෙන හැමෝගෙම වගේ දත් විට කහට පාටලු. ඒත් ඔච්චරටම බුලත්විට කන ගිලීමලේ කියන ගමෙත් ඉඳල හිටල සුදුපාට දත් තියෙන අය හොයාගන්න පුළුවන්ලු. ඒක නිසා අපේ ජනවහරෙ ඔය යෙදුම පාවිච්චි වෙන්නෙ අපේක්ෂා නොකරන තැන්වල හොඳ මිනිස්සු මුණගැහුනාම.

මට ඔය යෙදුම එක පාරටම මතක් වුනේ අද අත්දකින්න හම්බවුනු සිද්ධි දාමයක් නිසා. අපේ රටේදි සාමාන්‍යයෙන් රජෙයේ ආයතනයකින් වැඩක් කරගන්නව කියන්නෙ ඉතින් පුදුම කට්ටක් කන්න ඕනෙ වෙන වැඩක් වගේම කීයකට හරි තට්ටුවෙන වැඩක්නෙ. ඔය ආයතනය රේගුව වුනොත්? එක පාරටම කට්ටිය කියයි “හොඳ ගාණකට තට්ටුවෙයි” කියල. අපේ රේගුව ගැන මහ ජනතාවගෙ අදහස් එන්න එහෙමයි.

අද මමත් මට අවශ්‍ය කටයුත්තක් කරගන්න රේගුවට ගියා. මට කරගන්න ඕනෙ වුනු වැඩ ටික එච්චර කට්ටක් නැතුව කරගන්න පුළුවන් වුනා. ඇත්තට කවුරු මොනව කිව්වත් අපේ රාජ්‍ය සේවය තුළ තවමත් රාජකාරිය හරියට කරන, ප්‍රිය මනාප, ගුණගරුක මිනිස්සුත් ඕනෙ තරම් ඉන්නව. ඒත් තවත් පිරිසක් කරන කැත වැඩ වලින් ඔය හැමෝගෙම නම කැත වෙනව.

මගේ මේ තුති හිමිවෙන්නෙ තමුන්ගේ රාජකාරිය නිවැරදිව කරන රාජ්‍ය සේවකයින් සියළු දෙනා වෙත.

Advertisements

ප්‍රතිචාර 2 (+add yours?)

  1. malee_msg
    දෙසැ. 22, 2009 @ 21:51:04

    ඇත්ත හොද මිනිස්සු ඉන්නවා.. ඒත් බහුතර අප්සට් මිනිස්සු අතරේ ඒ අයගේ හොද නොපෙනෙන තරමයි.. එහෙම නැත්තං අදාල ආයතන වල තමන්ගේ පැවැත්ම වෙනුවෙන්.. අර හොරුන්ට විරුද්ධව මොකුත් නොකර නොදන්න විදියට ඉන්න වෙන අවංක රාජ්‍ය සේවකයොත් ඉන්නවා.. ඒත් ඒ ටික හොද සේවයක් ලබා දෙන්න ප්‍රමාණවත් මදි.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. පිස්සා
    දෙසැ. 23, 2009 @ 02:40:48

    රාජ්‍යය සේවයේ හරිම අමාරුයි, හරියටම වැඩ කරන්න.
    මොකද වැඩ නොකරන අය එතකොට highlight වෙන නිසා, එවුන් බලන්නේ පුළුවන් තරම් හරියට වැඩ කරන කෙනාට අංචි අදින්න.. පෙත්සම් ගහනවා, කේලම් කියනවා, ප්‍රසිද්ඬියේ බනිනවා, එක එක ඇමති ලාට වැරදි කියනවා, නෝන්ඩි කරනවා .. එක කෙළියයි..
    ඒවාට ඔරොත්තු දෙන්නේ බොහොම ටික දෙනායි.. කොයි වෙලාවේ අංචියක් ඇදෙයිද දන්නේ නෑ..

    ඉතිං වෙලා තියෙන්නේ ගොඩාක් උදවිය බයටම, වැඩ නොකර ඉන්නවා.. අන්තිමට ඒක පුරුද්දකට යනවා… ඕවා ඔහොම තමයි..

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: