කොත්තුව


මේ දවස්වල එච්චර වැඩක් නැති නිසාත්, අපේ මරණෙ හැම තිස්සෙම කන බොන ඒව ගැන කියන නිසාත් මටත් හිතුන කෑමක් ගැන ලියන්න.

ඒ ඉතින් අපි හැමෝම කාල තියෙන “කොත්තු”. කොත්තුවක් කාල නැති එකෙක් ලංකාවෙන් හොයාගන්නත් බැරුව ඇති මගෙ හිතේ. එච්චරටම කොත්තුව ලාංකීය වෙලානෙ. කොත්තු කියන්නෙ දුප්පත් මිනිහගෙ කෑමක් කියල කිව්වට දැන් නම් හොඳට සල්ලිය බාගෙ තියෙන අයගෙත් favourite කෑමක් වෙලානෙ. ඉස්සරනම් මට මතක කොත්තු “රොටි “ගැන; ඒත් දැන් නම් ඉඳි ආප්ප කොත්තුත් තියෙනවනෙ. කොත්තුව ඉතින් vegetable කොත්තු, බිත්තර කොත්තු, chicken කොත්තු, beef කොත්තු කියල වර්ග ගොඩයිනෙ. හැබැයි මම නම් pork කොත්තුවක් ගැන අහල නැහැ. සමහර විට තියෙනවත් ඇති.

කොත්තු රොටි

කොත්තුව හදනකොට දාන music එකෙනුත් කොත්තුවට unique ගතියක් එනව. ඒකනෙ අර සින්දුවක කියන්නෙ “සද්ද බද්ද දාල හැදුව මේක කොත්තු රොටිය…..” කියල. 😀 (හික්ස්) මම හිතන්නෙ වැඩියෙන්ම සද්ද දාල හදන කෑම කොත්තු වෙන්න ඇති. කොත්තු හදන්නත් හැමෝටම බැහැ. ඒකට “කොත්තු බාස්” කෙනෙක්ම ඕනෙ. ඒකත් මරු job  එකක් වෙන්න ඇති!.

මෙහෙ ඉඳන් ලංකාවට නිවාඩු ගියහම මුල් දවස් ටිකේ රෑ කෑම කොත්තුවක්ම තමයි. ඒක අනිවා! සිංගප්පූරුවෙ කොච්චර ඉන්දියන් කඩ තිබුනත් කොත්තුවක් කන්න තැනක් නැහැ මගෙ දැනීමෙ හැටියටනම්. හැබැයි මෙහෙ පරාටා නම් තියෙනව. දවසක try එකක් දාල බලන්න ඕනෙ පරාටා වලින් කොත්තුවක් හදන්න.

Pizza වල උපත සිද්ධ වුනේ ඉතාලියෙ නාපෝලි නගරයේ වගෙ කොත්තුවෙ උපත වෙලා තියෙන්නෙ ලංකාවෙ මඩකළපුවෙන් කියල තමයි මම අහල තියෙන්නෙ. මමත් ඉතින් ඕන් කට්ටියට ඔය කතා කිය කිය අපේ නැගෙනහිර චාරිකාවෙදි ගියා මඩකළපුවට කොත්තුවක් කන්න. මොන කොත්තුද? අපි යනකොට මඩකළපුව වතුරෙන් යටවෙලා ඒ දවස්වල වැහැපු ධාරාණිපාත වර්ෂාව හින්ද. ඒත් මම ගේම අත අරින්නෙ නැහැ ආපහු යනව මඩකළපු, කොත්තුව උපන් නගරයෙන්ම කොත්තුවක් කාල එන්න.

කට්ටියම මඩකළපුවෙදි සෙට් වෙමුද කොත්තු කන්න?

Advertisements

ප්‍රතිචාර 11 (+add yours?)

  1. උවෙයිස් Azeem
    ජන. 15, 2010 @ 16:38:55

    සෙට් වෙමු. මටනම් චිකන් කොත්තුවක් EGB එක්ක……:)

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. indik
    ජන. 15, 2010 @ 16:59:02

    එළ එළ…

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. ඉන්දරේ
    ජන. 15, 2010 @ 18:11:54

    pork කොත්තු තියෙනවා. මම කැම්පස් එක ලඟ කඩේකින් කෑවා. ගාණ නං ටිකක් වැඩියි. හැබැයි මට නං ඇල්ලුවේ නෑ, මොකද වැඩිපුර තියෙන්නේ මස් කෑලි නෙමේ, ඌරු තෙල් කෑලි.

    මමත් කොත්තු කන්න ආසයි තමයි. ඒත් කොත්තුව අතට ගන්නකං තියෙන ආසාව කන්න ගත්තට පස්සෙ නැතුව යනවා. අන්තිමට හරි අමාරුවෙන් තමයි කාගන්නේ 😀 ‘ආයෙ නං කන්නෑ කොත්තු’ කියලා හිතාගන්නවා. ඒත් සතියක් විතර යනකොට ඒක අමතක වෙලා ආපහු කොත්තු කන්න යනවා.
    පාඩං කරන්න තියෙන දවසක කොත්තු කෑවාම නං බුදු සරණයි තමයි. මොන පාඩංද, එලට නින්ද යනවා 😀

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. bardoflanks
    ජන. 15, 2010 @ 21:26:59

    Just so that you know, there is a dish called Kottu Parata in South Indian cuisine that’s basically the same as our Kottu, with only a few differences such as the inclusion of lentils and not using the same equipment.

    I don’t know who copied who.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  5. බිඟුවා..!
    ජන. 15, 2010 @ 21:35:36

    කොත්තු කෑවහම මට බඩ අප්සට් යනවා….

    හී හී…

    /බිඟුවා…!

    ප්‍රති-පිළිතුරු සැපයීම

  6. Santa
    ජන. 15, 2010 @ 22:50:44

    මම අහලා තියෙන විදිහටනම්, කොත්තුව ඒ දවස්වල දෙමල මිනිස්සුන්ගේ ලාබම කෑමක්ලු…වතුකරයේ උදවිය එදා වේල පිරි මහ ගත්තේ ගෝදම්බා රොටි 2-3ක් කපලා කොටලලු..
    ඒක තමයි දැන් කොත්තු වෙලා කුරුදුවත්තේ පොශ් උදවියත් හවසට ගිහින් කන්නේ….

    ප්‍රති-පිළිතුරු සැපයීම

  7. kkrox
    ජන. 16, 2010 @ 01:20:28

    singapore wala kottu thiyanawa brother, taj lanka eketh thiyanawa, ceylon sports club eke restaurant eketh thiyanawa, eth man hithanne dan taj eka wahalada koheda sure na hariyatama

    ප්‍රති-පිළිතුරු සැපයීම


  8. ජන. 30, 2010 @ 17:42:28

    මචං ඕන් උඹේ මේ ලිපිය හෙට ලක්බිම පත්තරේ යනවා. අපෙන් සුභ පැතුම්
    (31/01/2010)
    http://www.lakbima.lk එකට ගියානම් බලා ගන්න පුළුවන් වෙයි

    ප්‍රති-පිළිතුරු සැපයීම

  9. එරංග
    පෙබ. 14, 2010 @ 10:14:47

    සිංගප්පූරුවේ කොත්තු කඩ කීපයක්ම තියනව. චූටි ඉන්දියාවේ තියන non-veg කඩවල ට්‍රයි කරන්න. කොත්තු පරාටා කියලා තමා කියන්නේ. රස නම් ටිකක් වෙනස්.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  10. පොඩි විජේ
    ජුනි 04, 2010 @ 15:28:14

    මම ඉන්නෙ කුරුනැගල මෙහෙ කොත්තු එක එක දවස් වලට එක එක රහ එක එක ප්‍රතිපල සමහර විට පැය තුන හතර වැසිකිලියෙ,කොත්තු කියන්නෙ එදාට කඩවල් වල ඉතුරු වෙන දේ අනුව රස වෙනස් වෙන දෙයක්,සමහර කඩවල් වල සුපිරි කොත්තු තියෙන්ඩ පුලුවන්,මම කියන්නෙ normal සිද්දිය

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: