මී (Mee)


අද කියන්න යන්නෙ මී ගැන. මේක කෑමක්. ඒත් අර අපේ ආදිවාසී ඇත්තෝ බැද්දට වැදිල කඩන මී නම් නෙමෙයි.

හොකේන් මී

“මී” කියල කියන්නෙ noodles වර්ගයක්; සමහරුන්ට අනුව noodles වලට චීන “හොකේන්” භාෂාවෙන් කියන නම. නම එච්චර වැඩක් නැහැනෙ කන්න පුළුවන් නම්! සිංගප්පූරුවෙ ඉන්න කොට නම් ගොඩක් කන්න හම්බවෙන කෑම ජාතියක් තමයි මේ මී. එක එක විදිහට, එක එක රසට හදන්න පුළුවන්. විවිධ ඝණකමට විවිධ හැඩ වලට ගන්නත් පුළුවන්. විවිධ රසවල් ගැන කතා කරනකොට ඉතින් මෙහෙ ඉන්න චීන්නු නම් සෝස් පප්පල. හදන ඕනෙම කෑමකට මොකක් හරි සෝස් එකක් දානව. රසයක් නැත්තෙමත් නැහැ ඉතින්.

සෝයා සොස් දාපු බී හූන්

“බී හූන්” කියන හාල්පිටි වළින් හදන මී ජාතිය තමයි මම කන්න කැමතිම. ඔය බී හූන් ලංකාවෙත් තියෙනව මට මතකයි. ලංකාවෙ තියෙන්නෙ අර “කොත්තු මී” කියල  ජාතියක්. ඕකට “මී” ආවෙ මේ “මී” වලින්ද දන්නෙ නැහැ. “කොත්තු මී” ප්‍රීමා brand එකක් නිසා වෙන්නත් පුළුවන්! මොකද ප්‍රීමා කියන්නෙ සිංගප්පූරු කොම්පැණියක්නෙ.

Advertisements

ප්‍රතිචාර 4 (+add yours?)

  1. indik
    ජන. 18, 2010 @ 15:55:11

    ෆොටෝ දැක්කම කටට කෙලත් උනනව… 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. Siribiris
    ජන. 18, 2010 @ 17:48:58

    ලංකාවේ ඉතිං චයිනීස් කිව්වහම ඉස්තරම් කෑමනෙ. මම සින්ගප්පූරු ඇවිල්ලා කන්න ගිහින් ලෝක අමාරුවක වැටුනා මතකයි. නානාප්‍රකාර කෑම නං තියනවා, ලුණු ඇඹුල්, මිරිස් රහ තමා අඩු.ආයි ඔය පැත්තෙ ගොඩබැස්සොත්, ඒකට විසදුමක් කිව්වොත් වටිනවා.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. Malee_msg
    ජන. 18, 2010 @ 21:04:49

    දෙවෙනි පිංතූරේ තියන කෑම එක නම් දැක්කම කන්න හිතෙනවා.. උඩම පිංතූරෙ නම්..
    ඊයා මට පෙන්නේ පනුවෝ වගේ..

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. kkrox
    ජන. 18, 2010 @ 21:50:02

    මට නම් පේන්නම බැරි කෑමක් තමයි, අමුතු රහක් එනවා ඔය ජරාව කද්දි, ඒත් ඉතින් කන්න නැති වෙලාවට නහය වහගෙන කාගෙන කාගෙන යනවා සින්ගා වල ඉන්න කොල්ලො දන්නවා ඉතින් රගේ

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: