තෝෆු (Tofu)


අදත් කියන්න යන්නෙ තවත් මරු කෑමක් ගැන. මටනම් සිංගප්පූරුවෙ කෑම වලින් අල්ලලම ගිය කෑමක් මේ “තෝෆු”; අනෙක් අය ගැන නම් කියන්න දන්නෙ නැහැ.

ටෝෆු dish එකක්

තෝෆු කියන්නෙ චීනය මුල් කරගත් අග්නිදිග ආසියානු රටවල තියෙන කෑමක්; හදන්නෙ සෝයා කිරි වලින්. දැන් ලංකාවෙත් ජනප්‍රිය “සෝයා අයිස් ක්‍රීම්” හදන්නෙත් ඔය සෝයා කිරි වලින් තමයි. මෙහෙ මිනිස්සුන්ට සොයා කියන්නෙ අපිට පොල් වගේ තමයි! සෝයා කිරි විශේෂ ක්‍රමයකට මුදවල තමයි තෝෆු හදන්නෙ. නියම තෝෆු වල කියන්න තරම් රහක් නැහැ; කිරි රසක් විතරයි තියෙන්නෙ. ඒත් එක එක කෑම ජාති (dishes) හදන්න තෝෆු පාවිච්චි කරනව. විවිධ රසවල් එක්ක මිශ්‍ර වුනහම තෝෆු මාර රසයි මටනම්.

ඔය නියම තෝෆු වලට අමතරව බිත්තර කලවම් කරල හදපු බිත්තර තෝෆු වගේම එක එක දේවල් මිශ්‍ර කරල විවිධ රසවල් එන විදිහට හදපු තෝෆු වර්ගත් මෙහෙ තියෙනව.

පහුගිය පාර ලංකාවට ආපු වෙලේ මම ලංකාවෙ ගොඩක් තැන්වල තියෙන සුපිරි වෙළෙඳසැල් වල තෝෆු හෙව්වට හම්බවුනේ නැහැ. ඒත් පස්සෙ මට කවුද කිව්ව වැල්ලවත්තෙ කාගිල්ස් එකේ තියෙනව කියල. අන්තර්-ජං-ජාලයෙන් කෑම වට්ටෝරුවක් හොයාගෙන කට්ටියත් තෝෆු හදල බලන්න.

(මුල් ලිපියේ තිබූ “ටෝෆු”; තෝෆු ලෙස නිවැරදි කරන ලදී!)

ප්‍රතිචාර 11 (+add yours?)

  1. තෝෆු
    ජන. 19, 2010 @ 12:30:30

    It should be “තෝෆු”

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. eRanga
    ජන. 19, 2010 @ 14:16:22

    poddak hoyala balapan.. “soya kema wedipura hoda ne”.. (not sure pls do research) I also heard abt this and not sure

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. චම්පික
    ජන. 19, 2010 @ 14:34:06

    ලංකාවෙ තියෙනවා. keels වලත් තියෙනවා. තව එකක් ඕක “ටෝෆු” කියනවට වඩා “තෝෆු” කියල තමයි උච්චාරණය කරන්නෙ. මගෙත් ප්‍රියතම කෑමක්.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. මධුරංග
    ජන. 19, 2010 @ 16:55:31

    නිවැරදි කිරීම ගැන තුති!

    ප්‍රති-පිළිතුරු සැපයීම

  5. ඉෂාර ගුණවර්ධන
    ජන. 19, 2010 @ 17:02:55

    මේක නම් ඔය කෑමට අදාල දෙයක් නෙවේ. පසුගිය දවසක මම සිංගප්පූරුවට ගිය වෙලේ මාර අමාරුවක වැටුනා කෑම හොයන්න ගිහින්. ඔහෙ කෑම වල තියෙනවා අමුතු සුවඳක්. (මට නම් ගඳක්) ඒක නිසා කෑම කන්න එපා වුනා. (අපි ඉතිං ගොඩයොනෙ) සමහරු කිව්වේ ඒ ගඳ චීන ‍සෝස් වගයක් නිසා එන්නෙ කියලා. මේක ගොඩක්ම දැනුනෙ ගේලාං වලදි (නිකං ඇවිදින්න විතරයි ගේලාං ගියෙ) පස්සෙ ලිට්ල් ඉන්දියා ගිහින් තමයි යංතං හරි ජාමෙ බේරා ගත්තෙ.

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • මධුරංග
      ජන. 19, 2010 @ 17:55:40

      මම මගෙ ඉස්සෙල්ල ලිපියෙ සඳහන් කරපු විදිහට මෙහෙ කට්ටිය සෝස් පප්පල. වැඩිපුරම දාන්නෙ සෝයා සෝස්; සෝයා සෝස් වලත් dark, light කියල ප්‍රධාන වර්ග 2යි. තක්කාලි සෝස්, චිලී සෝස් සහ oyster (බෙල්ලෝ) සෝස් තමයි ඔයිට අමතරව ගොඩක්ම පාවිච්චි කරන්නෙ. තව ඕනෙ නම් ඕනෙ තරම් සෝස් ජාති මෙයාල ළඟ තියෙනව!

      ප්‍රති-පිළිතුරු සැපයීම

  6. ඉෂාන් තිළිණ
    ජන. 19, 2010 @ 23:39:18

    සුද්දන්ගේ කෑම අපිට දිරවයිද මන්දා !! 😉

    ප්‍රති-පිළිතුරු සැපයීම

  7. Malee_msg
    ජන. 20, 2010 @ 00:23:07

    දන්න තරමින් ලංකාවේ හැම ෆුඩ් සිටි එකකම වගේ තියනවා.. හැබැයි ඉක්මනට ඉවර වෙනවා.. මම ගන්න හිතන් යන හැමදාම ඉවරවෙලා.. වෙන දේවල් ගන්න යන දවසට තියනවා.. ඒත් මම තාම තොෆු කාලා නෑ..

    ප්‍රති-පිළිතුරු සැපයීම

  8. patha
    ජන. 20, 2010 @ 01:21:47

    මමත් කාල තියෙනව, එල!

    ප්‍රති-පිළිතුරු සැපයීම

  9. vidula
    පෙබ. 02, 2010 @ 13:56:58

    Keels වල තමයි හුගක් වෙලාවට තියෙන්නෙ. මමත් හුගක් කැමති කෑමක්.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ඉෂාර ගුණවර්ධන වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න