පෑන් ගැසීම සහ අනෙකුත් ක්‍රීඩා


ඉස්කෝලෙ යන කාලෙ අපි ඉතින් බලාගෙන ඉන්නෙම  free period එකක් හම්බ වෙනකං නෙ! ඒකට එක එක හේතු තිබුන. ඔහොම තිබුන එක හේතුවක් තමයි “පෑන් ගහන්න” තිබුන පිස්සුව. සමතලා මතුපිටක් තියෙන desk එකක් හරි එහෙම desk දෙකක් එකට ළං කරගෙන හරි ඔන්න කට්ටිය පෑන් ගහන්න සෙට් වෙනව. එක පිලකට එක් කෙනෙක් හරි දෙන්නෙක් හරි සෙල්ලම් කරනව. අනෙක් පිලේ ඉන්න අයගෙ පෑන් තමුන්ගෙ පෑනෙන් ගහල desk එකෙන් බිමට වට්ටන්න ඕනෙ. පෑනට ගහන්න ඕනෙ කැරම් ගහනකොට disc එකක්ට ගහනව වගේ.

ඔය පෑන් ගහන පිස්සුව කට්ටියට කොච්චර තිබුනද කියනවනම් කට්ටිය පෑන් ගහන්නම විශේෂයෙන් පෑනුත් හදාගන්න පටන් ගත්ත. පෑනෙ බර වැඩි කරගන්න නොයෙකුත් විදි! සමහරු එක එක ලෝහ කෑලි පෑන ඇතුලට දානව; තවත් සමහරු විවිධ හැඩ තියෙන පෑන්! ඒක හරියට මලල ක්‍රීඩා වලදි කට්ටිය තහනම් උත්තේජක පාවිච්චි කරනව වගේ. ඒක නිසා game එකක් පටන්ගන්න ඉස්සෙල්ල කට්ටිය අනෙක් පිළේ අයගෙ “හොර වැඩ” හොයන්නත් පුරුදු වෙලා තිබුන. ඔයින් මෙයින් කොහොම කොහොම හරි පෑන් ගහන වැඩෙත් නැගල ගියා!

ඔය වගේ free periods වලදි කරපු තවත් නොයෙකුත් “සෙල්ලං” තිබුන. book cricket ගැහිල්ල, නයා දිගේ පෑන් යැවිල්ල වගේ නොයෙකුත් දේවල්.

ප.ලි.) ඔන්න මගේ කොත්තුව ලක්බිම පත්තරේ පළවෙලා! ආහ් තව එකක්! සිංගප්පූරුවෙ කොත්තු තියෙන තැනක් ගැන හෝඩුවාවක් හම්බවුනා. ගිහින් බලල විස්තර කියන්නම්.

Advertisements

ප්‍රතිචාර 11 (+add yours?)

  1. වැප්
    ජන. 31, 2010 @ 12:32:29

    එලම තමයි. ඔය වැඩේ ඉස්සර අපේ ඉස්කෝලෙ තහනම් කලා, පැන් ගහපා අහුවුනෝත් පැන් ඔක්කොම ට්චර්ලා අරන් යනවා. දවසක් ඔහොම අරන් ගිහිල්ලා පැයකින් විතර අපි ගියා section office එකට. මෙන්න බොලේ ස්ර්ලා දෙන්නෙක්, පැන් ගහනවා …. වැඩේ නොන්ඩි හි හි …. අපේ පැන් අයිමත් අපිට දුන්නා … එදයින් එදයි අපි අපේ වැඩේ කරගෙන ගියා ….

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. B.I*
    ජන. 31, 2010 @ 13:34:39

    haha. maru post eka. this reminded me of what we used to do i school too. api nanga paane clip ekeng okama kara. it’s even harder. book cricket i had forgotten about. thanks for this post! 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. Tharindu Roshantha
    ජන. 31, 2010 @ 13:45:46

    ලක්බිම පත්තරේ දිගටම බ්ලොග් දානවා. ඔබට මගේ සුභ පැතුම්.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. thejan
    ජන. 31, 2010 @ 14:06:18

    අපටත් ඔය පිස්සුව තිබුණා. A/Levels වලදී පවා. (අෙන් අැත්තට ?) සතුටුයි. පුංචි කාලය මතක කර දුන්නට ස්තුතියි.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  5. prabath
    ජන. 31, 2010 @ 14:22:28

    මට තිබ්බා Reynolds පෑනක් පෑන් ගැහිල්ලටම හදපු. ඒක fully modified පෑනක්, හරියට රොකට් එකක් වගේ. ස්තූතියි ඒ කාලෙ ආයෙත් මතක් කලාට…

    ප්‍රති-පිළිතුරු සැපයීම

  6. DUMINDU
    ජන. 31, 2010 @ 20:50:23

    thanks….school kale aith mathak kalata….he he..math hoda PEN PLAYER kenek thamai….

    ප්‍රති-පිළිතුරු සැපයීම

  7. සිතූ
    ජන. 31, 2010 @ 21:15:32

    අපිත් ඉස්සර ඔය සෙල්ලම කලා. ආයිමත් වෙලාවක කරන්න ඕනෙ. 😀

    ප්‍රති-පිළිතුරු සැපයීම

  8. අකිල
    ජන. 31, 2010 @ 22:29:22

    නියම පොස්ට් එක පොඩි කාලේ මතක් උනා. 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම

  9. Anushka
    පෙබ. 01, 2010 @ 01:28:55

    මමයි මේ එක blog ලියන එක්කෙනයි පෑන් ගහන්න team එකක් හදා ගෙන්න තිබුන ‘සීතාවක STARS’ (අපි දෙන්නම සීතාවක) කියලා. ඒ කාලේ අපේ ඉස්කෝලෙ අපි දෙන්නට ගහන්න කවුරුවත් මුලු section එකේම නෑ.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  10. ශාකුන්තල | Shaakunthala
    පෙබ. 01, 2010 @ 02:25:57

    ඔය හා සමගාමීව තවත් සෙල්ලමක් තිබුණා… පැන් clip වලින් කරන. මරු නමකුත් තිබුණා ඒකට — විලි ගහනවා.. 😀

    ප්‍රති-පිළිතුරු සැපයීම

  11. සිංහ
    පෙබ. 01, 2010 @ 23:00:33

    අපි ඉස්කෝලෙ යන කාලෙ ඔය සෙල්ලම තිබුනෙ නෑ. ඒත් ඔය වගේ ගොඩක් සෙල්ලම් තිබුනා. උඩ ගල් පහ දැමීම, මුදු කිරීම වාගෙ ඒවා. ඒත් අපි නිදහස් කාල පරිච්ඡේද වල හරි විවේක කාලයෙ හරි එහෙමත් නැත්නම් ඉස්කෝල වෙලාවෙන් පස්සෙ නැවතිලා හරි වැඩි හරියක් කලේ දුවන පනින ඇඟ වෙහෙසෙන සෙල්ලම්; ගුඩු පැනීම, තාච්චි පැනීම, ඔට්‍ටු තැබීම, එල්ලේ ගැසීම ආච්චිගෙ නැට්ට…. තව ගොඩක් තොයනව ඔය ලැයිස්තුවෙ. (පට්ට ගොඩයෙක් නේද…?) ඒත් ඒ කාලෙ මතක් වෙනකොටත් ආසයි…

    මෑත කාලයේ මෙහෙ ඉස්කෝලෙක ගුරුවරයෙක් පෑන් ගහමින් හිටි කොල්ලෙකුට ගහන්න හදනකොට ඌ ඔලුව පාත් කරලා නහය ඩෙස් එකේ වැදිලා ලේ ඇවිදින් අන්තිමට අර ගුරු වරයට එරෙහිව මානව හිමිකම් කඩකිරීමේ නඩුවකුත් වැ‍ටුනා…

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: