සුලෝහිත සංග්‍රාමය


අපි ඉස්කෝළෙ යන දවස්වල Big Match එක තියෙන දවස් කියන්නෙ නියම fun කාලෙ. උපරිම Fun තමයි. ලංකාවෙ ඉස්කෝල අතර තියෙන Big Matches වලින් අපේ ඉස්කෝළ 2කේ Big Match එක ගොඩක් වෙනස්. ඒ වෙනසට ප්‍රධානම හේතුව තමයි ඉස්කෝළ 2 අතර තියෙන fit එක. කොහේ ගියත් ඉස්කෝළ 2 එකට.

සාමාන්‍යයෙන් School Bus එකක් දාන්නෙ එක ඉස්කෝළෙකටනෙ; ඒත් ආනන්දෙටයි නාලන්දෙටයි තියෙන්න එක School Bus එකක්. Big Match එක කාලෙට ඒ බස් එක වැහෙන්න ඉස්කෝළ දෙකේම කොඩි දාගෙන යනව වෙනසක් නැතුව. කොළු කමට දවස්වල කරන අනෙක් පිස්සු විකාර වැඩත් ඉතින් එකටම තමයි.

Match එක දවසටත් තරඟයෙ ජය පැරදුම මොකක් වුනත් දෙගොල්ලොම සින්දු කියල නටල තමයි ඉන්නෙ. ආනන්ද-නාලන්දා Big Match එකේ කවදාවත් ඉස්කෝල දෙක අතර රණ්ඩුවක් වෙලා තියෙනව කියල මමනම් මෙච්චර කාලෙකට අහල නැහැ. Big Match කාලෙට නෙමෙයි අනෙක් කාල වලදිත් එහෙම්මම තමයි.

අපේ ඉස්කෝළ දෙකේ අයට Big Match එක කියන්නෙ එකට එකතු වෙන්න හම්බ වෙන , අනෙක් ඉස්කෝලෙට ගිහින් යාළුවො හම්බවෙන්න ලැබෙන කාලයක්. ඔය කාලෙට තියෙන තව Matches තියෙනව. ඉස්කෝල 2කේ සර්ල ගහන ක්‍රිකට් Match එක, මැඩම්ල ගහන  Netball match එක වගේ. ඔය ටිකත් ඉතින් උපරිම fun එකක් ගන්න අවස්ථා තමයි.

මම මේ සටහන තියන්න හිතුවෙ 81 වෙනි සුලෝහිත සංග්‍රාමය අද කොළඹ සිංහල ක්‍රීඩා සංගම් පිටියෙදි ආරම්භ වෙන නිසා.

අපේ ඉස්කෝළ 2කේ උදවිය ඉස්කෝළ පටන්ගත්ත කාලෙ ඉඳල තියාගෙන ආපු, අපෙ කාලෙදි අපිත් රැකගත්ත, දැනටත් පවතින මේ ආනන්ද – නාලන්දා fit එක හෙටත්, මතුවටත්, හැමදාටමත් පවතීවා……

Advertisements

ප්‍රතිචාර 5 (+add yours?)

  1. gadol
    මාර්තු 06, 2010 @ 15:11:11

    වලි යන්නෙ නැත්තෙ මොකද ඕන තරම් වලි යනවා…
    හැබැයි ආනන්ද නාලන්ද වලි නම් නෙමෙයි… ඉස්කෝල ඇතුලෙ වලි.
    ආරංචියෙ හැටියට නම් මේ වෙනකොට මෙරූන්ස් ටෙන්ට් වල ටිකට් ඔක්කොම විකිනිලා අවසානයි….
    මම නම් හෙට බලන්න යනවා… හොඳ වෙලාවට කලින් ටිකට් ගත්තා…
    ඉස්කෝලෙ යන දවස් වල නම් ටිකට් ගත්තෙම නෑ, හොරෙන්ම තමයි පැන්නෙ…

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • මධුරංග
      මාර්තු 06, 2010 @ 18:19:32

      ඉස්කෝලෙක ඇතුලෙ වලි ඕනෙම වෙලාවක ඕනෙම තැනක වෙන්න පුළුවන්නෙ. මම මෙතැනදි කිව්වෙ Big Match එක නිසා ඇතිවෙන වලි.

      කොහොම උනත් අපේ කාලෙදිනම් පුද්ගලික හේතු නිසාවත් ඉස්කෝල දෙකේ ලමයි අතරෙ වලි ගියා කියලනම් මතකයක් නැහැ; ඒ කාලෙදි ඉස්කෝළ දෙකේ ළමයි අතරෙ පුදුම fit එකක් තිබුණ.

      ප්‍රති-පිළිතුරු සැපයීම

  2. මාරයාගේ හෝරාව
    මාර්තු 06, 2010 @ 21:16:56

    ඇත්තම මල්ලී ඒ කාලේ මතක් වෙන කොටත් සනීපයි.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. rachiyo
    මාර්තු 06, 2010 @ 21:48:44

    එක පාරක් ආනන්දෙයි නාලන්දෙයි වලියක් ගියා.ඒ 2007.මම ප්‍රිෆෙක්ට් හිටපු අන්තිම අවුරුද්ද.ඒක ලයිව් ටීවී එකෙත් දුන්නා.හැබැයි ෆිට් එක නං තාම එහෙම්මමයි.අද මම මැච් එක බලලා ආවේ.හෙටත් යනවා.අදත් ෆුල් ෆන් එකක් ගත්තා.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: