සිංගප්පූරුවේ “දත් ගැලවිල්ල”!


ඔන්න ආපහු කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආව.
මේක මට ඊයෙ වෙච්ච සිද්ධියක්.

දත් දොස්තරල කියනව වගේ දවසකට දෙපාරක් දත් මදින හින්දත්, හැම දතකටම ලේසියෙන් ලඟාවෙන්න පුළුවන් නැමි 3නේ දත් බුරුසුවක් පාවිච්චි කරන හින්දත්, ෆ්ලෝරයිඩ් සහ කරාබු නැටි තෙල් තියෙන දන්තාලේපයක් පාවිච්චි කරන හින්දත් ඔන්න මගෙ දතක් “පණුවො කෑව”.

ටික දවසක් ඉවසල ඉන්න බැරි තැන ඊයෙ නිවාඩුවක් දාල මම ගියා සිංගප්පූරුවේ දත් දොස්තර කෙනෙක් මුණ ගැහෙන්න. මෙහෙ ඉතින් ඕනෙ දෙයක “කැටයම” තියෙනවනෙ. Dental Clinic එක Full AC! ගිය ගමන් දුන්න form එකක් ඉපදිච්ච වෙලාවෙ ඉඳන් සෞඛ්‍ය ඉතිහාසය අහල. ඒකත් පිරෙව්ව කියමුකො.

ටික වෙලාවකින් දොස්තර කතා කලා. ඇතුලට ගියහම වාඩි වෙන්න කියල ඇහුව මොකක්ද ප්‍රශ්නෙ කියල. මමත් කිව්ව මෙන්න මෙහෙමයි; මට හිතෙන විදිහට මගෙ දකුණු හක්කෙ උඩු ඇන්දෙ දතක් දිරල කියල. දොස්තර කිව්ව මුලින්ම X-ray එකක් අරගෙන බලමු කියල. ඒකට ඩොලර් 20ක් යනවලු. ඉතින් මමත් “හා” කිව්ව. හා කිව්වට ඉතින් හිත නිකන් exchange control center එකක් වගේ පට පට ගාල ඩොලර් රුපියල් වලට හරවනව. ඩොලර් 20 ක් කියන්නෙ රුපියල් 1600ක් විතර. ඒත් ඉතින් මොනව කොරන්නද? මේ සිංගප්පූරුවනෙ! X-ray එක ගත්තට පස්සෙ ඒක බලල කියනව normal filling එකකින් වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි වගේ කියල. ඒකට ඩොලර් 60යි! (රුපියල් වලින් 4800ක් විතර ) ඇති ඔයින් බේරුනොත්!

ඔන්න ඉතින් දත පුරවන්න පටන් ගත්ත. ටික වෙලාවකින් දොස්තර කියනව දතේ දිරුම ගොඩක් ඇතුලට තියෙනව එක්කො nerve filling එකක් කරන්න ඕනෙ, නැත්නම් දත ගලවන්න ඕනෙ කියල. දැන් ඉතින් මක්කැයි කොරන්නෙ?

දත ගලවනවනම් යන්නෙ ඩොලර් 30යි ලු. ඒත් දත ගොඩ දාගන්න පුළුවන් තත්ත්වයෙ එකක් හින්ද එයානම් කියන්නෙ nerve filling එකක් කරගන්න කියලලු. හැබැයි ඒකට ඩොලර් 600ක් විතරලු, ඊට පස්සෙ තව crowning කියල එකක් කොරන්න තව ඩොලර් 500ක් විතර යනවලු.

දැන් දොස්තර කියනව හිතල බලල කියන්නලු මොකක්ද කරන්නෙ කියල. මිනිහ මාව මාර උගුලක තමයි දැම්මෙ! ගොඩ දාගන්න පුලුවන් දතක් හින්ද ගලවන්නත් ලෝබයි; ඒත් ඉතින් ඩොලර් 1100ක් දතකට වියදම් කරන්න?

ඔය වෙලාවෙ ඉතින් පූරුවෙ වාසනාවකට maxa idea එකක් ආව. මම කිව්ව මම ආපහු ලංකාවට යනව; ලංකාවෙ nerve filling එකක් කරන්න උපරිම යන්නෙ ඩොලර් 100ක් විතර; ඒක නිසා ඒ වෙනකම් මට  temporary filling එකක් දාල දෙන්න කියල. වැඩේ ගොඩ!

දොස්තරත් ඉතින් (බැහැ කියන්න බැරි නිසා) “හා” කියල දත පුරවල දුන්න. 😀 කොහොම හරි අන්තිමට ඔක්කෝටම ඩොලර් 90ක් විතර ගියා. ඔයින් ගියා ඇති. උන්න හැටියට මළා මදැයි!

Full අබ්ලික් වෙච්ච වෙලාවෙ අරවගේ idea එකක් ආව එකට දහස්වාරයක් ස්තූති කර කර මමත් ආපහු ආව.

ඔන්න ඔහොමයි සිංගප්පූරුවෙ “දත් ගැලවිල්ල”!

Advertisements

ප්‍රතිචාර 7 (+add yours?)

  1. ඩනිෂ්ක
    අප්‍රේල් 15, 2010 @ 17:30:43

    ස්තුතියි අත්දැකීම බෙදාගත්තට 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. indika kumara
    අප්‍රේල් 15, 2010 @ 18:01:09

    ලංකාවෙ දේට බනින්නම දත නියවං ඉන්න පොර බුවාලා මේක බලත්වා

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. Thilina
    අප්‍රේල් 15, 2010 @ 18:10:32

    If you are working there you should have insurance coverage from your employer. Im guessing ur working somewhere like GMC or Charted or maybe ST. If im not wrong you should have a dental coverage up-to S$600 from AIA. If not take a day off and go and wait in a polyclinic or changi hospital… make sure to bring an ipod or a book cos you need to wait for a long time there

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. budhajeewa
    අප්‍රේල් 15, 2010 @ 19:33:29

    දත් දොස්තරයා මාර දතක් තමා ගලවන්න ලේස්ති වෙලා තියෙන්නෙ!

    ඇයි අප්ප ඕව ඔච්චර මිල? ලංකාව හොඳානෙ බලං යනකොට!

    ප්‍රති-පිළිතුරු සැපයීම

  5. shiran
    අප්‍රේල් 15, 2010 @ 19:57:27

    for nerve filling SL Rs. 88000 ????? oh my …………….
    in srilanka it is only Rs. 5000 or max 8000/=.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  6. නදී
    අප්‍රේල් 16, 2010 @ 06:19:14

    පිටරට ගිහින් රුපියල් වලින් හිතලා වැඩ කරන්න බෑ. ඒ රටේ අදායම සහ ජීවන රටාව අනුවයි මිල ගණන් තීරණය වෙන්නෙ. උදාහරණයක් විදියට මම ජර්මනියෙ ගිය වෙලාවක පොදු වැසිකිලියකට යන්න යුරෝ සත 50 ක් ගෙව්වා. රුපියල් වලින් නම් ඒ දවස්වල 70ක් විතර. රුපියල් වලින් හිතුවනම් මට ඒ ගිය වැඩේ කරන්න හිතෙන්නෙ නෑ. ඒත් ඉතින් අවශ්‍යතාවයට ඒ ගාණ නොගෙවා බෑනෙ.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  7. Sac
    ජුනි 02, 2010 @ 19:48:45

    Umbata ithin ‘dath galawala’ puruduine kohomath 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: