19 වසරකට පෙර – ගාමිණී කුලරත්න


හසලක වීරයා

හසලක වීරයා

ගොඩක් කාලෙකින් මොනවත් ලියන්න බැරි උනා. ඒත් අදනම් ලියන්නම ඕනෙ. ඒ අද දවසෙ තියෙන ලොකු වැදගත්කමක් නිසා.

හරියටම අවුරුදු 19කට ඉස්සර අද වගේ දවසක ඉතා ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක් ලාංකීය ජාතියේ තියෙන නිර්භීතභාවය මොනවට පෙන්නමින් ජාතිය වෙනුවෙන් තමුන්ගෙ ජීවිතය පරිත්‍යාග කලා.

මහනුවරට ආසන්න කුඩා නගරයක් වන හසලක ලංකාව  ඇතුළත විතරක් නෙමෙයි මුළු ලෝකයම දැන් දන්නේ හසලක වීරයගෙ ගම හැටියට. හසලක වීරය කියන්නෙ කවුද කියල ඇහැව්වොත් ඒ වීරයගෙ නම කියන්න බැරි උනත් ඒ වීරය කරපු වීර ක්‍රියාව පොඩි ළමයි පවා දන්නව.

එදා අලිමංකඩ හමුදා කඳවුරත් කඳවුරේ සිටින සහෝදර සෙබළුත් බේරා ගන්න තමුන්ගෙ ජීවිතය පූජා කලේ කොයි කවුරුත් හසලක වීරය කියල කියන කෝප්‍රල් ගාමිණී කුලරත්න PWV රණ විරුව. ඒ උතුම් පරිත්‍යාගය වෙනුවෙන් එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකීය රණ විරුවෙකු වෙනුවෙන් පිරිනමන උසස්ම සාංග්‍රාමික පදක්කම වෙන පරම වීර විභූෂණයෙන් මුළින්ම පිදුම් ලැබුව; ඒ 1991 ඔක්තොම්බර් 10 වෙනිද එවකට ජනාධිපති වෙලා හිටපු ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින්.

නූතන ජාතික වීර පරපුරක අමරණීය සටහනක් තැබූ මේ ශ්‍රී ලාංකීය රණ විරුවාට දිය කැට පහණේ උත්තමාචාරය මෙසේ පිරිනැමෙන වගයි.

ප.ලි.) සුප්‍රකට Reader’s Digest සඟරාවේ හසලක වීරයා ගැන පළවූ ලිපියක සිංහල පරිවර්තනය මෙතැනින් කියවන්න.

Advertisements

ප්‍රතිචාර 15 (+add yours?)

  1. Tharaka Devinda
    ජූලි 13, 2010 @ 16:55:06

    එදා ඒ කරපු පරිත්‍යාගය නිසා තමයි අද අපි මෙහෙම ඉන්නෙ! බුල්ඩෝසරේ නැවතුනේ නැත්තං අපේ රටේ යුධ ඉතිහාසය විතරක් නෙමෙයි, රටේ ඉතිහාසෙත් වෙනස් වෙන්න ඉඩ තිබ්බා.

    හසළක ගාමිණී කියන්නෙ කාලෙකට පහළ වෙන වීරයෙක්. බුදුන් වැඩි දේශ‍ය සතුරන් ගෙන් බේර ගන්න කාලෙන් කාලෙට දෙවිවරු පහළ වෙනවා…!

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. Wikeds
    ජූලි 13, 2010 @ 17:18:35

    May no more lives be lost in wars on this land…

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. Saman Rathnayake
    ජූලි 13, 2010 @ 18:10:12

    මේ ගැන විස්තරයක් පෙරේදා පත්තරේත් තිබුනා..
    http://www.silumina.lk/2010/07/11/_art.asp?fn=af10071110

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. ළමයා
    ජූලි 13, 2010 @ 18:11:40

    මගේ ජීවිතයේ මම ගෞරව කරන මම ආදරය කරන පුද්ගලයෙක් හසලක ගාමිණී.. ‍ඉතාමත්ම හොද ලිපියක් සහෝදරයා..

    ප්‍රති-පිළිතුරු සැපයීම

  5. Saman Rathnayake
    ජූලි 13, 2010 @ 18:28:21

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • මධුරංග
      ජූලි 13, 2010 @ 21:42:56

      දිනය ගැන පොඩි අපැහැදිලිතාවයක් තියෙනව තමයි. ඒත් අලිමංකඩ තියෙන ස්මාරකයක තියෙන විදිහට ඒ දවස ජුලි 13. දිනය පොඩ්ඩක් එහා මෙහා උනාට වඩා වැදගත් වෙන්නෙ ඒ මනුස්සය කරපු උදාර ක්‍රියාව අනුස්මරණය කිරීම නේද සහෝ?

      ප්‍රති-පිළිතුරු සැපයීම

  6. indika kumara
    ජූලි 13, 2010 @ 18:32:38

    සමහරු කියන්නෙ ඔතනදි ගාමිනීව පස්සෙන් තල්ලු කලා ලු එතකොට එයාට කරගන්නම දෙයක් නැති උන නිසා ඩෝසරේට දිව්වලු…ඒත් බෝම්බ අරෙගෙන ඕක ඇතුලට පනිනව කියන එක අහම්බෙන් වෙන්න බෑ නෙව….

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • මධුරංග
      ජූලි 13, 2010 @ 21:48:20

      මිනිහෙක් තමුන්ගෙ ජීවිතය පරදුවට තියල කරපු ඒ වගේ උදාර ක්‍රියාවකුත් අගයන්නෙ නැතුව එක එක කතා කියන්න තරම් අද අපේ සමාජය පිරිහිලාද? ඔහොම කියන මිනිස්සුන්ට අඩුගානෙ තුවක්කුවක් අල්ලන්න තරම්වත් ධෛර්යයක් තියෙන මිනිස්සුද?

      ප්‍රති-පිළිතුරු සැපයීම

  7. palaamalla
    ජූලි 13, 2010 @ 23:41:26

    වීරයෙක් පිලිබඳ මතකය අලුත් කරාට ඔබට ස්තුතියි….
    කාඩ් බෝර්ඩ් වීරයො මැද මේ වගේ සැබෑ වීරයොත් අපේ රටේ හිටියා…

    වීරයෙක් ගෙ වීර ක්‍රියාව අගය කරන එක දරා ගන්න බැරි කාර්බෝර්ඩ් වීරයො කියනව ඇති තල්ලු කරා කියල.. ඒත් සැබෑ වීරයො ගැන මිනිස්සු දන්නවා….

    ප්‍රති-පිළිතුරු සැපයීම

  8. පුතා
    ජූලි 14, 2010 @ 00:32:10

    ඇත්ත වීරයා කවුද කාඩ්බෝඩ් වීරයා කවුද කියන එක හොයාගන්න බැරි රටකට වීරත්වය කියන්නෙ මොකක්ද කියල කියා දුන්න මනුස්සයෙක් ගාමිණී….. බොහොම ස්තූතියි මධුරංග සටහනට…

    ප්‍රති-පිළිතුරු සැපයීම

  9. සමීර අබේසේකර
    ජූලි 14, 2010 @ 00:38:58

    ස්තූතියි මේ සටහන තිබ්බාට.. මේ මතකයන් මියැදෙන්නට නොදී තියාගන්න ඕන.. අනාගත පරම්පරාවත් දැන ගන්න ඕන මොනතරම් ජීවිත පරිත්‍යාගයක් සහ කැපකිරීමක් කරලද අපේ රට ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත්තේ කියල…

    ගාමිණී කුලරත්න විරුවාට නිවන්සුව ලැබේවා!

    ප්‍රති-පිළිතුරු සැපයීම

  10. ඈට මැස්සා
    ජූලි 14, 2010 @ 09:39:59

    ස්තූතියි මතකය අළුත් කලාට. ඇත්තමයි, අර පරිවර්තනය කියවල ඉවර වෙද්දි ඇහැට කඳුළු ආවා.
    මේ කාලකන්ණි විකුණගෙන කන්නෙ මේ වගේ මිනිස්සු කරපු කැපකිරීම්නෙ කියල හිතෙනකොට තරහයි.

    මධුරංග, මං මේ ඉමේජ් එක ( පරිවර්තනයෙ) මගේ බ්ලොග් එකට ගන්නවා, කමක් නෑනෙ.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  11. ඉෂාර
    ජූලි 17, 2010 @ 02:41:15

    නියමයි මචං..මෙන්න නියම වීරයෝ…. මේ වගේ අය ගැන කොච්චර ලියුවත් මදි…ඒ තරම් උතුම් මිනිස්සු…

    ප්‍රති-පිළිතුරු සැපයීම

  12. namaknehe
    අගෝ. 06, 2010 @ 22:28:07

    කොටින්ගේ මරාගෙන මැරෙන සෙට් එකේ එවුනුත් වැඩේ දෙන්න ඇත්තේ මේ වගේම ගට් එකකින් වෙන්ටැති… මොන ජාතියට අයත් උනත් ජත්‍යාලේ වැඩියෙන්ම දැනෙන මිනිස්සුට තමයි ඔය ගට් එක එනවා ඇත්තේ. මොනවා උනත් මේ වගේ ජීවිත කී දාහක් දෙපැත්තෙන්ම විනාස උනාද… තව කී දාහක් අනාගතයේදී විනාස වෙයිද?

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: