Litter Bug


කාලෙකින් කියන්නෙ ගොඩ කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තෙ ආවෙ. දැන් ඉතින් ඉන්න හිටින තැනුත් වෙනස් වෙලා. සිංගප්පූරු ජීවිතයට ආයුබෝවන් කියල ආපහු සිරිබර සිරි ලංකාවෙ ඉඳන් තමයි බ්ලොග් එක කොටන්නෙ.

සෑහෙන කාලෙකට පස්සෙ ඊයෙ කොළඹ යන්න පුළුවන් උනා. මම විශ්වාස කරන විදිහට කොහේ ගියත් ඒ පළාතෙ නියම ජන ජීවිතය අධ්‍යයනය කරන්න ඕනෙ නම් පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන්න ඕනෙ. ඔන්න ඉතින් කොළඹ ගිහින් තිබුණ වැඩේත්  ඉවරකරගෙන තුම්මුල්ලෙන් 125ක නැග්ග ආපහු ගම රට බලා එන්න.

මීට අවුරුදු 2කට කලින් තිබුණ කොළඹත් එක්ක බලනකොට භෞතිකමය වශයෙන් සැලකියයුතු දියුණුවක් තියෙනව. අළුත් රථ වාහන ගමන් මාර්ග සංකල්පය මරේ මරු. ඉස්සර වගේ නෙමෙයි traffic ගොඩක් අඩු වෙලා. ඒක ඇත්තෙන්ම ලොකු දියුණුවක්.

ඒත් දූවිල්ල, කුණු කියන දේවල්නම් වැඩිවෙලා කියල තමයි මගෙ කල්පනාව. මගේ අත්දැකීම් අනුව රටක් නගරයක් කොච්චර භෞතිකමය වශයෙන් දියුණු වුනත් වැඩක් වෙන්නෙ නැහැ ඒ රට නගරය පිරිසිදු නැත්නම්. මම දැකල තියෙන හොඳම උදාහරණය තමයි මැලේසියාවෙ ක්වාලා ලම්පූර් නගරය. නගරය කොච්චර දියුණු වුනත් පිරිසිදුකම අන්තිමයි, හැම තැනම කුණු.

කැලි කසල නියමිත තැන්වලට බැහැර කරන්න

ඒත් සිංගප්පූරුව ගත්තහම පිටින් එන සංචාරකයින්ට පෙන්නන්න හදන්නෙ ලෝකෙ තියෙන පිරිසිදුම නගරය කියල. ඒ අය ඒ තත්ත්වයට ඇවිත් තියෙන්නෙ රටේ ඉන්නෙ මිනිස්සුන්ගෙ ආකල්ප දියුණු කරල නම් නෙමෙයි. සිංගප්පූරුව කියන්නෙ දැඩි නීති රීති තියෙන, ඒ වගේම ඒ නීති ඒ විදිහටම ක්‍රියාත්මක කරන තැනක්. නීති රීති තද වැඩි නිසා මිනිස්සු වරදක් කරන්න කළින් කීප පාරක් හිතල බලනව.

වැඩිය ඕනෙ නැහැ අපේ රටේ කීයෙන් කී දෙනාද අපි විසි කරන ටොපි කොළේ, පොඩි කඩදාසි කෑල්ල කුණු බාල්දියට දාන්නෙ? මම හිතන විදිහට අපි කවදහරි මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරල ඕක කරන්න ඉන්නවනම් කවදාවත් අපිට ඕක කරන්න වෙන්නෙ නැහැ. මට මතකයි කවුද කියනව “ලෝකෙ කොහේ හිටියත් මිනිස්සු, මිනිස්සුමයි; හැබැයි ඔය හැම මිනිහම දඬුවමට බයයි” කියල.

ඔන්න මහරගමදි බස් එකට නැග්ග පිරිමි කෙනෙක් අතේ රටකජු හරි ගල් සියඹලා හරි ගොට්ටක් එක්ක. මේ මිනිහ ඒ ටික කාල ඉවරවෙනකල්ම කලේ රොඩු ටික බස් එකේ ජනේලයෙන් එළියට විසිකරන එක. ඔන්න ඔහොමලු කොළොම්පුරේ ශ්‍රියා!

Advertisements

එක් ප්‍රතිචාරයක් (+add yours?)

  1. දක්ෂිණ
    සැප්. 01, 2010 @ 16:30:01

    කතාව සහතික ඇත්ත. මට මොකක් ඉවසුවත්, රටකජු, කඩල වගේ දේවල් කාලා පොතු බස්. කෝච්චි වල විසිකරන එකනම් පෙන්නන්න බෑ. මතකද මීට අවුරුදු දහයකට විතර කලින් කෝච්චි වල තත්වය? බිම බැලුවොත් රටකජු පොතු… පිස්සු හැදෙනවා. හැබැයි දැන්නම් ඒ තත්වය නැත්තටම නැති ගානට ඇවිල්ලා. බලමු. ඉස්සරහට මොකද වෙන්නේ කියලා…

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: