දෙගුණේ මිනිසා


කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සු..

(මෙතෙක් කාලයක් බ්ලොග් එක ලිවීම සඳහා භාවිතා කළ ශෛලියෙන් බැහැරව මෙම ලිපිය ලියන්නේ මෙම ලිපිය තුළදී ඉස්මතු කරන චරිත වලට ලැබිය යුතු නියම ගෞරවය ලබා දීම සඳහාය.)

“දෙගුණය” යනු යම් කිසි සංඛ්‍යාවකට හෝ දෙයකට තවත් එවැනිම සංඛ්‍යාවක් දෙයක් එකතුවීමය. නමුත් “දෙගුණේ මිනිසා” යනු කුමක්ද? මේ යෙදුම මාහට මුළින්ම අසන්නට ලැබුණේත් ඒ යෙදුම නියම ආකාරයෙන් අර්ථ කථනය කරනු ලැබුවේත් මෙතුවක් කාලයකට මට මුණගැසී ඇති, කතා බස් කර ඇති සහ මාව දැනුමෙන් සන්නද්ධ කරන ලද ගුරු දේවතාවුන්ගෙන් මම ආදරය කරන, ගෞරවය කරන අයෙක් වන ලංකාවේ කලක් ඉතාමත් ජනප්‍රිය රසායන විද්‍යා ආචාර්යවරයෙක්ව සිටි “බුලත්සිංහල” ගුරු පියාණන්ගෙනි. එතුමාගේ අර්ථ දැක්වීමට අනුව “දෙගුණේ මිනිසා” යනු සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා තමා අවට පරිසරය අධ්‍යයනය කරන, ඒ තුළ සිටින චරිත, සිදුවන සිද්ධීන්, තිබෙන දෑ වස්තු බීජ කරගෙන සිතන, ඒ තුළින් යථාවබෝධයට (wisdom) ලංවන පුද්ගලයෙකි. එක වරම අපේ මතකයට නැගෙන්නේ බුදු, පසේ බුදු වරුන් වුවත් මගේ අදහස නම් උන්වහන්සේලා මෙකී කොට්ඨාශයටත් ඉහළින් සිටින බවය.

තවද මෙම “දෙගුණේ මිනිසා” කරන කියන සමහර දෑ සාමාන්‍ය මිනිසෙකුට එකවර වටහා ගත නොහැක; බුද්ධිය මෙහෙයවීමෙන් අවබෝධ කර ගත යුතුය. ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයට පත්වූ ලේඛකයින්, සිනමාවේදීන්, විද්‍යාඥයින් බොහොමක් මෙවැන්නෝ වෙති; අනෙකුන් සිතන සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරව නව ආරක නිර්මාණ ලෝකයාට ගෙන එන්නේ එබැවිනි.

එවකට සිටි චරිත අතුරින් මාගේ ගුරු පියාණන් උදාහරණයට ගත්තේ “සයිමන් නවගත්තේගම ශූරීන්”ය. නමුත් මේ ගොන්නට එකතු කළ හැකි තවත් චරිත කීපයක් මගේ මතකයට නැඟෙයි. ඒ අතුරින් “ගුණදාස කපුගේ ශූරින්” සඳහන් කළ යුතුම චරිතයකි.

මගේ අදහස මෙම කෙටි ලිපිය වසන්ත කුමාර කොබවක ශූරීන් විසින් රචනා කර ලක්ෂ්මන් විජේසේකර ශූරීන් ගායනා කරන ගීතයක පද කීපයකින් අවසාන කිරීම ඉතා යෝග්‍ය බවය.

“ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු…
ලද දේ හිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු…
පොරණේ මිහි සයනේ ගොඩ නැගුනු මිනිස්සු..
කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සු……..”

මාගේ බුලත්සිංහල ගුරු පියාණන් ප්‍රමුඛව ධනය, බලය, ජනප්‍රියත්වය අරමුණු නොකර ලෝකයා වෙනුවෙන් නිහඬ සේවයක් කරන ලද සහ කරන සියළුම දෙනාට මෙම ලිපිය උපහාරයක් වේවා…

Advertisements

ප්‍රතිචාර 4 (+add yours?)

  1. Sachira
    සැප්. 11, 2010 @ 16:38:06

    දැනුයි මට ඔය දෙගුණේ මිනිහ කවුද කියල තේරුනේ. ගුණදාස කපුගේ ගැන නම් මම දන්නේ නැහැ හැබැයි. හිතාගන්න අමාරුයි අයි මිනිහත් ඒ ගණයට වැටෙන්නේ කියල. කොහොම උනත් අපිට නම් දෙගුණේ මිනිස්සුනට සමීපව හිතන්න පුළුවන් වෙන්නත් තව ගොඩාක් කාලයක් බලන් ඉන්න වෙයි.

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • මධුරංග
      සැප්. 11, 2010 @ 22:50:38

      මම ඔහු ගැන අසා දැක ඇති අන්දමට ගුවන්විදුලියේ රජරට සේවයට සම්බන්ධවු දින පටන් රජරට ගොවියා ගැන කලාව තුළින් හඬක් නගන්නට ඔහු උත්සාහ කළා. ඔබ මම එදත්, අදත් හෙටත් රස විඳින “අයියණ්ඩියේ” ගීතයෙන් පටන් ගන්නා ඔහුගේ ගීත ලැයිස්තුවේ බොහොමයක්ම අඩංගු වන්නේ එවන් ගීතයි.

      ජාතියක් වශයෙන් ආරක්ෂා කරගත යුතු “වෙල්ලස්සේ කැරැල්ල” සිදුවු ප්‍රදේශයේ සීනි කර්මාන්තශාලව පටන් ගැනීම වෙනුවෙන් ඔහු විරෝධතාවය පෑවේ “බිම්බරක් සෙනඟ” ගීතයෙන්.
      “කැළෑ මල් පිපී රතු තොල් වලින් කෑගසා ඉල්ලන…
      ජාතියේ නිධානයෙ රන් රුවන් කරඬු කොයි….
      වෑකන්ද කඩා බිම් කටු කම්බියෙන් බෙදා….
      මේ රණ බිමේ හිස ගසා දමනා කඩුව බිම දමව්…කඩුව බිම දමව්…”

      ප්‍රති-පිළිතුරු සැපයීම

  2. Sachira
    සැප්. 11, 2010 @ 16:43:02

    සින්දුවත් එලම කිරි

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: