හිත ඇත්නම් පත කුඩාද හෙවත් වැරදුණ මුහුදු මංකොල්ලකෑම

මේක මම මෙහෙ තියෙන පත්තරේකින් දැක්ක කතාවක්.

සිංගප්පූරුවෙ ලියාපදිංචි වෙච්ච “තග් යාත්‍රාවක්” වියට්නාමෙට ගිහින් ආපහු එනකොට දකුණු චීන මුහුදෙදි මුහුදු මංකොල්ලකාරයො කට්ටියක් බැස්ටිය දෙන්න මේ යාත්‍රාවට පැනල. මුන් හදල තියෙන්නෙ යාත්‍රාවෙ වැඩ කරන කට්ටිය කාමරයක හිර කරල මේ යාත්‍රාව උස්සන්න. වැඩේට ෆුල් රෙඩි පිට තමයි මුන් ගේමට බැහැල තියෙන්නෙ.

හීනෙකින්වත් හිතපු නැති දෙයක් වුනත් මේ යාත්‍රාවෙ වැඩ කරන අය ගේම අතෑරල නැහැ. වලිය තදේටම ගිහින්. කොහොම හරි යාත්‍රාවෙ කට්ටිය මංකොල්ලකාරයින්ව ආපහු එලවල යවල වැඩේ ගොඩ දාගෙන. යාත්‍රාවෙ තිබුන ටෝච් (විදුලි පන්දම්), ගිණි නිවන උපකරණ, පොරෝ වගේ දේවල් වලින් තමයි කට්ටිය මංකොල්ලකාරයින්ට රිටන් එක දීල තියෙන්නෙ.

හිත ඇත්නම් පත කුඩාද? වැඩි විස්තර සඳහා මම කියවපු පත්තරේ “ඊ” එක මෙතන තියෙනව.